ඕනම කෙනකුට අනාගමික වෙන්න පුළුවන්. හැබැයි ආගම් වලට ගරහන්න අයිතියක් නැහැ (VIDEO)

Date:

ඕනෑම කෙනෙකුට ආගමක් විශ්වාස කිරීමට ඇදහීමට හෝ එසේ නොකර සිටීමට අයිතියක් ඇති නමුත්, අනෙකාගේ විශ්වාස වලට ඇදහිලි වලට සහ ආගම් වලට ගැරහීමට හෝ අපහසු පහත කිරීමට කිසිවකුට අයිතියක් නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ රට සියලු ආගමිකයින්ට, සියලු ජාතීන්ට සංහිඳියාවෙන් ජීවත් විය හැකි රටක් බව පැවසූ විපක්ෂ නායකතුමා ඇතැම් විප්ලවකාරී යැයි කියාගන්නා කල්ලි විසින් කරනු ලබන ආගම් විරෝධී ප්‍රකාශ හෙළාදකින බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ සක්වලට සමගාමීව හරහා කරනු ලැබූ 65වන අදියර යටතේ රුපියල් ලක්ෂ 50 ක් වටිනා බස්රථයක්, ජා ඇල නිවන්දම ජිනරාජ ජාතික පාසැල වෙත පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

ආගම් සහ ජාතීන් අතර විරසක භාවය නිර්මාණය වීම නිසා ඉතිහාසයේ අප්‍රමාණ පාඩම් ඉගෙන ඉගෙනගෙන ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා, එකිනෙකාගේ විශ්වාසයන්ට ගරු කිරීමත් එකිනෙකා අතර සංහිඳියාව පැතිරවීමත් සියලු දෙනාගේ වගකීමක් බවද පෙන්වා දුන්නේය.

දේශපාලන පක්ෂ කඳවුරු වශයෙන් බෙදී වෙන්වී මැතිවරණවලදී තරග කරන නමුත් රටක් ගොඩනැඟීම සහ රටේ සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු යැයි ද පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...

පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...