*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

විපක්ෂ නායක භූමිකාව වෙනස් කළ සජිත් ප්‍රේමදාස …

අපේ වගේ රටක විපක්ෂයක් කියන්නේ සාමාන්‍යයෙන් ආණ්ඩුව කරන ඕනෙම වැඩකට විරුද්ධ වෙන ගමන් ලැබෙන පළවෙනි මොහොතෙම ආණ්ඩු බලය අල්ලාගන්න දඟළන කොටසකට. ඔය දෙක අතරේ යටිකූට්ටු වැඩ, මන්දිර කුමන්ත්‍රණ, ඩබල් ගේම් ඕනෙ තරම් යනවා. නමුත් පහුගිය අවුරුදු තුන ඇතුළත මේ විපක්ෂ භූමිකාවේ පැහැදිලි වෙනසක් අපේ රටේ ඉතිහාසයට එකතු වුණා. ඒ, සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධුරයට පත්වීමෙන් පස්සේ.

කොළඹ, මාකස් ප්‍රනාන්දු මාවතේ, අංක 30 කියන ලිපිනයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලය කියන්නේ කාලාන්තරයක් තිස්සේ විවිධ දේශපාලනඥයින් ඩීල් එකක් දාගෙන, කීයක් හරි හොයාගෙන ආතල් එකේ ඉඳපු තැනක්. ආණ්ඩුවේ කට්ටියට විතරක් නෙවෙයි විපක්ෂයේ කට්ටියටත් ඕනෙ තරම් සල්ලි හොයන්න පුළුවන්. මේක ෂුවර් නැත්නම් මහින්දගෙන්, රනිල්ගෙන් එහෙම අහලා දැනගත්තෑකි වැඩේ කොච්චර සුන්දරද කියන එක. කොහොම වුණත් අන්න ඒ ආතල් පොට් එක සජිත් ප්‍රේමදාස ආවාට පස්සේ වෙනස් වුණා.

අපේ රටේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් මන්තරයක් වගේ මතුරන්නේ “අපට බලය දෙන්න, අපි තමයි හොඳටම කරන්න දන්නේ, අපට දුන්නොත් අපි මේක හදලා පෙන්නන්නම්” කියන එක. මේ කියන කතාවට යටින් තියෙන්නේ “අපට ඔයාලාගෙ බදු මුදල් පාලනය කරන්න දෙන්න, අපිත් මොනවා හරි කරගෙන ඔයාලාටත් මොනවා හරි ටිකක් දෙන්නම්” කියන එක. ඇත්තටම එයාලා බලය කියන එක දකින්නේ මැජික් යෂ්ටියක් විදියට. ඒ මැජික් යෂ්ටිය හම්බුණාම හිතූ පැතූ දේවල් මවලා දෙන්න පුළුවන්ය කියලා තමයි ඒ අය ජනතාවට පොරොන්දු දෙන්නෙ.

නමුත් ඇත්තටම ජනතාවට සේවය කරන්න වුවමනාවක් තියෙනවා නම් රාජ්‍ය බලය කියන එක අනිවාර්යය දෙයක් නෙවෙයි. විපක්ෂයේ හිටියාය කියලා තමන්ට හැකි පමණින් ජනතාවට සේවය කරන්න බැරිකමක් නෑ. හොඳ දෙයක්, හරි විදියට, විනිවිදභාවයකින් යුතුව කරනවා නම් ඒකට සල්ලි හොයාගන්න බැරිකමකුත් නෑ. සජිත් ප්‍රේමදාස මෙන්න මේක ඔප්පු කරලා පෙන්නුවා පහුගිය අවුරුදු තුනක කාලයක ඇතුළත.

කොවිඩ් වසංගත තත්වය හමුවේ රටේ ජනතාව අසරණ වෙලා ඉන්න මොහොතේ සජිත් ප්‍රේමදාස “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහන පටන් ගත්තා. ඒ හරහා දිවයින පුරා විවිධ ප්‍රදේශවල රෝහල්වලට අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ විශාල ප්‍රමාණයක් ලබාදීමට කටයුතු කෙරුණා. කොවිඩ් වසංගත තත්වයෙන් පසුවත් වකුගඩු රෝගීන් බහුල ප්‍රදේශවල රෝහල් සඳහා රුධිර කාන්දු පෙරණ යන්ත්‍ර ඇතුළු වෛද්‍ය උපකරණ පරිත්‍යාග රැසක් දැනටත් කෙරෙනවා. මේ උපකරණ නිසා රෝගීන් දහස් ගණනකගේ ජීවිත බේරිලා ඇති මේ වෙද්දී.

ඒ වගේම, ජනප්‍රිය පාසල් හා දුෂ්කර පාසල් හැටියට දැවැන්ත විෂමතාවයන් පවතින අපේ පාසල් පද්ධතිය තුළ ඒ විෂමතාවයන් යම් පමණකින් හෝ දුරුකරන්න බලාපොරොත්තුවෙන් “සක්වල” වැඩසටහන පටන් ගත්තා. ඒ හරහා දිවයින පුරා පාසල් රැසකට පරිගණක සහිත ඩිජිටල් පන්ති කාමර ලබාදුන්නා. ඒ, එක් ඩිජිටල් පන්ති කාමරකට වැයවුණු මුදල රුපියල් ලක්ෂ අට හමාරක් පමණ වෙනවා. ඒ වගේම පාසල් සිසු දරු දැරියන්ගේ ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් පාසල්වලට බස් රථ ලබාදීමේ වැඩසටහනක් මේ දිනවලත් ක්‍රියාත්මකයි. ඒ හරහා මේ වනවිට දිවයිනේ විවිධ ප්‍රදේශවල පාසල් 67කට බස් රථ ලබාදීලා තියෙනවා. ඒ එක් බස් රථයක වටිනාකම රුපියල් ලක්ෂ 50ක්.

වැඩක් කරන්න නම් ප්‍රධානතම දේ වෙන්නේ ඒ සඳහා ඕනෑකමක් තියෙන එක. ඉතින් වැඩකරන්න වුවමනාවක් තියෙන සජිත් ප්‍රේමදාස තමන්ට හැකි පමණින් වැඩ කරමින් විපක්ෂ නායක භූමිකාව වෙනස් කරලා තියෙනවා. මින් ඉදිරියට මේ රටේ ප්‍රධාන විපක්ෂය වෙන කවර පක්ෂයකට වුණත්, විපක්ෂ නායක ධුරයට එන මොන පුද්ගලයෙකුට වුණත් වැඩක් නොකර නිකම්ම කයිවාරු ගගහා ඉන්න ලැබෙන එකක් නෑ. මොකද රටේ ජනතාව දන්නවා විපක්ෂයේ ඉඳිද්දී වුණත් ඕනෑකමක් තියෙන කෙනෙකුට නම් රටට, ජනතාවට යමක් දෙන්න පුළුවන් කියලා. “සජිත්ට පුළුවන් වුණා නම් මේ අයට බැරි ඇයි ?” කියන කතාව අනාගතයේදී අහගන්න ලැබේවි මීළඟ විපක්ෂය ජනතාවට වැඩක් නොකළොත්.

සජිත්ට හිනාවෙන එක, අපහාස කරන එක ඕනෙම කෙනෙකුට කරන්න පුළුවන්. හැබැයි සජිත් දැනටමත් මේ රටේ ඉතිහාසය වෙනස් කරලා ඉවරයි. මේ රටේ විපක්ෂ නායක භූමිකාව වෙනස් කරපු දේශපාලන නායකයා සජිත් …

~ දර්ශන වීරසිංහ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan