දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගැන පොලිසියෙන් නිවේදනයක්

Date:

ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සියදිවි හානිකර ගැනීමක් බවට වාර්තා කිරීමක් හෝ තහවුරු කිරීමක් සිදුකර නොමැති බව පොලීසිය පවසයි.

ඒ සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදුකෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා සඳහන් කරන්නේ.

මේ වනවිට පුද්ගලයින් 175 දෙනෙකුට ආසන්න ප්‍රමාණයකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර නඩු භාණ්ඩ 14කට ආසන්න සංඛ්‍යාවක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇති බවත් ඒ මහතා පැවසීය.

මීට අමතරව දුරකථන විශ්ලේෂණ, බැංකු වාර්තා සහ විවිධ ලබාගත යුතු ලේඛන ලබාගනිමින් පවතින අතර අනෙකුත් දත්ත ද පරිශීලනය කරමින් මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේය.

සෘජු සාක්ෂි සොයාගැනීම සඳහා පරීක්ෂණ පැවැත්වෙන අතර මෙය සියදිවි හානිකර ගැනීමක්ද, මනුෂ්‍ය ඝාතනයක්ද, වෙනත් දෙයක්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවත් කිසිදු සැකකරුවකු මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්ෂ දහයෙ රත්තරන් තහඩුව ….

එකපාරටම කඩාපාත් වුන ගංවතුර ව්‍යසනයේ මහජන ආතතිය ආන්ඩුව පැත්තට...

ධම්මිකගේ LB ෆිනෑන්ස් පිලිපීනයටත් ව්‍යාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල LB Finance PLC සිය කලාපීය සේවා...

අද (18) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 22 ඉක්මවයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ...