දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගැන පොලිසියෙන් නිවේදනයක්

Date:

ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සියදිවි හානිකර ගැනීමක් බවට වාර්තා කිරීමක් හෝ තහවුරු කිරීමක් සිදුකර නොමැති බව පොලීසිය පවසයි.

ඒ සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදුකෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා සඳහන් කරන්නේ.

මේ වනවිට පුද්ගලයින් 175 දෙනෙකුට ආසන්න ප්‍රමාණයකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර නඩු භාණ්ඩ 14කට ආසන්න සංඛ්‍යාවක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇති බවත් ඒ මහතා පැවසීය.

මීට අමතරව දුරකථන විශ්ලේෂණ, බැංකු වාර්තා සහ විවිධ ලබාගත යුතු ලේඛන ලබාගනිමින් පවතින අතර අනෙකුත් දත්ත ද පරිශීලනය කරමින් මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේය.

සෘජු සාක්ෂි සොයාගැනීම සඳහා පරීක්ෂණ පැවැත්වෙන අතර මෙය සියදිවි හානිකර ගැනීමක්ද, මනුෂ්‍ය ඝාතනයක්ද, වෙනත් දෙයක්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවත් කිසිදු සැකකරුවකු මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු DIG තිලකරත්න අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න...

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : මෙම (පෙබරවාරි) මාසය...

තායිලන්ත මහ මැතිවරණයෙන් Bhumjaithai පක්ෂය අනපේක්ෂිත හා විශිෂ්ට ජයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත මෙතනින් අසන්න... තායිලන්තයේ...