උමතු ටයිටන් තැනෝස්ගේ පරාජයෙන් පසු උමතු පෙළපතක ආරම්භය: කෑන්ග් ට එරෙහි ඈන්ට් මෑන් හටන පෙබරවාරියේ!

Date:

උමතු ටයිටන් තැනෝස් විශ්වයට කළ හරිය මදිවට දැන් උමතු ආක්‍රමණිකයෙක්…

“Ant-Man and the Wasp: Quantumania” ලඟදීම කරළියට එන උද්වේගකර නිර්මාණයක්! මාර්වල් ෆෑන්ස්ලට නම් ඇඟිලි ගැන ගැන සිටිය අවස්ථාවක් වනවා නොඅනුමාන ය.

ඈන්ට් මෑන් සහ කෑන්ග් අතර දෝලනය වන ත්‍රාසය, භීතිය සහ කුතුහලය රැඟත් මෙම සිනමාංගය 2023 පෙබරවාරි මස 17 ප්‍රේක්ෂක ඔබ සමඟ බෙඳා ගැනීමට නියමිත අතර මේ වන විට එහි ආරම්භක පටය Youtube ඔස්සේ ඔබට දැක බලා ගත හැක.

Marvel Comics මත පදනම් වූ ඉදිරියට එන ඇමරිකානු සුපිරි වීර චිත්‍රපටයක් වන මෙම නිර්මාණය Marvel Studios විසින් නිෂ්පාදනය කර Walt Disney Studios Motion Pictures විසින් බෙදාහරින ලද්දකි.

එය Ant-Man (2015) සහ Ant-Man and the Wasp (2018) හි අනුප්‍රාප්තිකය සහ Marvel Cinematic Universe (MCU) හි 31 වැනි චිත්‍රපටය වනු ඇත. චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Jeff Loveness විසින් වන අතර රචනා කරන ලද්දේ Peyton Reed විසිනි.

Paul Rudd විසින් Scott Lang හෙවත් ඈන්ට් මෑන් ලෙසද, Jonathan Majors විසින් Kang the Conqueror ලෙස ද ප්‍රධාන චරිත නිරූපනය කරන අතර ම Evangeline Lilly, Michelle Pfeiffer, Michael Douglas, Kathryn Newton, David Dastmalchian, ආදී අයවලුන් ද තම රංඟන දායකත්වය මේ සඳහා ලබා දී ඇත.

විශ්වයේ හරි අඩක ජීවය සුන්නද්දූලි කරමින් මහා විනාශයක් උදා කළ උමතු ටයිටන් තැනෝස් ගේ පරාජයෙන් පසු උමතු ආක්‍රමණිකයකු වන කෑන්ග් ගේ පෙළපතේ (Kang Dynasty) සම්ප්‍රාප්තිය MCU විශ්වයේ පළමු වරට සනිටුහන් කරන වෙනස්ම මාර්වල් අත්දැකීමක් සමඟින් ඈන්ට් මෑන් සමඟ තවත් සුපිරි අත්දැකීම් රැසක් ලබා ගන්න රැඳී සිටින්න!

නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...