ගෘහ ආදායම් පහළ යාම සහ වියදම් ඉහළ යාම නිසා ප්‍රශ්න රැසක්. මේවාට රජය විසඳුම් දිය යුතුයි – සජිත් (VIDEO)

Date:

ආර්ථික අර්බුධය හේතුවෙන් අධ්‍යාපනය ලබන දරුවන්, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ඇතුළු සමස්ත ජනතාව පීඩාවට පත් වී ගෘහයන්ගේ මාසික ආදායම් මට්ටම ශීඝ්‍රයෙන් පහළ ගොස් සිය අවශ්‍යතා සපුරා ගැනීමට ණය ලබා ගැනීමට සිදුව ඇති බවත් මේ නිසා කූඨ ජාවාරම්කරුවන්ගෙන් ගොදුරු බවට පත්ව ඇතැම් පුද්ගලයන් සියදිවි නසා ගැනීම්වලට පවා යොමු වී ඇති බව මාධ්‍ය මඟින් වාර්තා වූ නිසා මේ සම්බන්ධයෙන් රජයේ සුවිශේෂි අවධානය යොමු විය යුතු බව විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (9) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

ගෘහයක ආදායම් පහළ යාම සහ වියදම් ඉහළ යාම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු විය යුතු බවත් මේ සම්බන්ධයෙන් රජයෙන් විසඳුම් අවශ්‍ය බවත් පාස්කු ප්‍රහාරයෙන් සහ කෝවිඩ් වලින් පසු විශාල ලෙස දළ දේශීය නිෂ්පාදිතයට 50%ක සහ රැකියා නියුක්තියට 52%ක දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ව්‍යවසායකයන් අසරණ වී ඇති බවත් පරාටේ නීතිය හරහා තවත් පීඩාවට පත් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එබැවින් බැංකු පද්ධතියත් ආරක්ෂා කර ගනිමින් පරාටේ නීතිය තාවකාලිකව නතර කර ජාත්‍යන්තර ආයතන සමඟ එක්ව විශේෂ අරමුදලක් ස්ථාපිත කර මේ සඳහා විසඳුම් ලබා දිය යුතු බවත් මේ සම්බන්ධ රජයේ ඉදිරි වැඩපිළිවෙළ දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

එසේම ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2023 වාර්තාව අනුව සමස්ත ජනගහනයෙන් 7%ක් සෞඛ්‍ය ප්‍රතිකාර ලබා ගන්නා වැඩපිළිවෙළ ආර්ථික අර්බුධය නිසා වෙනස් වී ඇති බවත් එම වාර්තාව අනුව වයස අවුරුදු 3 – 21 (පෙරපාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා) 54.9%ක් ආර්ථික අර්බුධය නිසා සෘණාත්මක බලපෑමක් සිදුව ඇති බව සඳහන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (9) පාර්ලිමේන්තුවේදී පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...

උතුරේ හර්තාලය අසාර්ථකද?

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ඉලංගෙයි...

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...