*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

වැට් කොයි තරම් එකතු වෙනවාද ?

පසුගිය 2022 අවුරුද්දේ පළමු හා දෙවන කාර්තු දෙකේදී වැට් බද්ද තිබුණේ 8% මට්ටමේ. මෙය තුන්වන කාර්තුවේදී 12% දක්වාත්, හතරවන කාර්තුවේදී 15% දක්වාත් වැඩි කළා.

පෙර ලිපියක විස්තර කළ පරිදි, වැට් බදු අය කරන්නේ අගය එකතු කිරීම් මතයි. දළ දේශීය නිෂ්පාදිතය කියන්නේ රටේ අගය එකතු කිරීම් වල එකතුව. ඒ නිසා, වෙනසක් නැතුව රටේ නිපදවන සියළුම භාණ්ඩ හා සේවා මත එකතු කළ අගය මත පදනම්ව වැට් අය කළොත්, දදේනි අනුපාතයක් ලෙස වැට් බදු ආදායම හා රටේ වැට් බදු අනුපාතය සමාන විය යුතුයි.

නමුත්, කිසිම රටක ඕක ඔය විදිහට වෙන්නේ නැහැ. ඊට පළමු හේතුව, ඇතැම් භාණ්ඩ හා සේවා මත අඩු වැට් බදු අනුපාතයක් අය කිරීම. සමහර විට මෙවැනි ඇතැම් භාණ්ඩ හා සේවා වැට් බද්දෙන් නිදහස් කරලා වෙන්නත් පුළුවන්. ලංකාවෙත් එවැනි වැට් වලින් නිදහස් බඩු ලැයිස්තුවක් තිබෙනවා. දෙවැනි හේතුව අපනයන මත සාමාන්‍යයෙන් වැට් බදු අය නොකිරීම. තුන් වන හේතුව දදේනියෙන් ආයෝජනය කරන කොටස වැට් බද්දට අහු නොවීම.

ඔය හේතු තුනට අමතර අනෙකුත් හේතු විදිහට බදු එකතු කිරීමේ යාන්ත්‍රණයේ ප්‍රශ්න තිබෙනවා. ලංකාව ගත්තොත් වැට් සඳහා ලියාපදිංචි වීමේ අවම පිරිවැටුම් සීමාව නිසා ඊට පහළින් කොටස හැලෙනවා. ඊට අමතරව වැට් බදු හරියට නොගෙවීමේ ප්‍රශ්නය තිබෙනවා.

ප්‍රධාන වශයෙන්ම ඉහත කී පළමු හේතු තුන නිසා ගොඩක් OECD රටවල් වල වැට් බදු ආදායම දදේනි අනුපාතයක් ලෙස ගත්තහම වැට් බදු අනුපාතයෙන් 50%-60% අතර මට්ටමකයි තියෙන්නේ. ඉතිරි කොටස වැට් වලට අහු නොවන හෝ මුළුමනින්ම අහු නොවන කොටස.

ලංකාවේ 2022 එක් එක් කාර්තුවේ දදේනිය සහ එම කාර්තුව තුළ අය කළ වැට් බදු අනුපාතය අනුව මුළු දදේනියම වැට් වුනානම් රජයට ලැබෙන බදු ආදායම හොයා ගන්න පුළුවන්. මෙම මුදල රුපියල් බිලියන 2,655.6ක් හෙවත් දදේනියෙන් 11.0%ක්. නමුත්, ආනයන මත අය කළ වැට් කොටස නැතුව එම වසරේ වැට් බදු ආදායම් ලෙස ඇත්තටම එකතු කරගෙන තිබෙන්නේ රුපියල් බිලියන 291.6ක් පමණයි. මෙය දදේනියෙන් 1.2%ක් පමණයි.

වෙනත් විදිහකින් කිවුවොත් රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදිතයෙන් වැට් අය වී තිබෙන කොටස 11.0%ක් පමණයි. ඉතිරි 89.0%ක කොටස වැට් වෙලා නැහැ. රටේ නිපදවන භාණ්ඩ හා සේවා වලින් 50%ක් වැට් වුනොත්, වැට් බද්ද 18%නම්, වැට් වලින් විතරක් රජයට දදේනියෙන් 9%ක බදු ආදායමක් එන්න ඕනෑ. මේ ආනයනික භාණ්ඩ මත අය කරන වැට් කොටස නැතුව.

මේ සමඟ පළ කරන වගුවේ තිබෙන්නේ OECD රටවල් 35ක සාමාන්‍ය වැට් බදු අනුපාතය සහ දදේනි අනුපාතයක් ලෙස වැට් බදු ආදායම. ඔය දෙක අතර අනුපාතයත් වගුවේ තිබෙනවා. OECD රටවල් 38 අතරින් වැට් අය නොකරන ඇමරිකාවත්, වැට් අනුපාතය ප්‍රාන්තය අනුව වෙනස් වන කැනඩාවත්, සංසන්දනාත්මක රාජ්‍ය ආදායම් දත්ත හොයා ගන්න නැති නිසා ඕස්ට්‍රේලියාවත් වගුවේ නැහැ. අනෙක් රටවල් සියල්ල එහි තිබෙනවා.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan