ජනාධිපතිවරණය, මහමැතිවරණය පැවැත්වෙන කාලය එජාප කමිටු රැස්වීමේදී දැනුම් දෙයි

ඉදිරි ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් මාසයේ දී ද, මහ මැතිවරණය 2025 ජනවාරි මාසයේ දී ද පැවැත්වීමට ජනාධිපති වික්‍රමසිංහ විසින් තීරණය කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන හිටපු අමාත්‍ය අඛිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ, ජනාධිපති කාර්යාලයේ ඊයේ (09) පැවති එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටු රැස්වීමේ දීය.

එසේම 2025 මාර්තු මාසයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබේ.

තමන් නිර්පාක්ෂික අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පවසා ඇති ජනාධිපතිවරයා මෙම ජාතික මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා පක්ෂයේ සංවිධාන කටයුතු වහාම ආරම්භකරන ලෙස දැනුම් දී ඇති අතර, රටේ ආර්ථිකය ගොඩදැමීමට තමන්ට තවත් මාස කිහිපයක් පුර්ණ කාලීනව අවධානය යොමුකළ යුතු හෙයින්, මැතිවරණ ව්‍යාපාරයට එකතුවන්නේ අප්‍රේල් මාසයෙන් පසුව බවට ද දැනුම් දුන් බව ද අඛිල විරාජ් කාරියවසම් වැඩිදුරටත් සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...