බන්දුල TIN එක ගැන කියූ කතාව!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 10 කොළඹ (LNW): TIN එකක් හෙවත් බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය ලබා නොගත්තා යැයි කියා කිසිවකුට නඩු පැවරීම් හෝ අධිකරණයට යොමු කිරීම් ආදිය පිළිබඳ කිසිදු තීන්දුවක් ගෙන නැති බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටී.

ඒ සඳහා කාලය දී ඇති බවත් අවිධිමත්ව තිබුණු ක්‍රමවේදයක් විධිමත් ක්‍රමයකට ගෙන ඒම එක් රැයකින් කළ නොහැකි බවත් ඔහු පැවසීය.

නව ක්‍රමවේදයක් හඳුන්වා දෙන විට යම් කාලයක් ගතවන හෙයින් මුල් අවදියේදී ගැටලු මතුවන බවත් තමන්ට TIN අංකයක් නොලැබුණහොත්, පළාත් දේශීය ආදායම් කාර්යාලයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දැනුම් දිය හැකි බවත් ඒ මහතා පවසන ලදී.

මේ වන විට බොහෝ දෙනකු TIN අංකය ලබා ගැනීමට පෙලඹීම හොඳ තත්ත්වයක් වන නමුත් එකවර බොහෝ පිරිසක් තාක්ෂණික පද්ධතියට දත්ත ඇතුළු කිරීම සඳහා ඇතුළුවීමට උත්සාහ කරන විට එහි යම් ප්‍රමාදයන් සිදු විය හැකි බවත් එම තත්ත්වයන් කෙටිකලකදී නිම විය හැකි බවත් ඔහු පවසා සිටියේය.

කෙසේවුවද TIN අංකය ලබා ගන්නා සියලු දෙනාමත් බදු ගෙවිය යුතු නොවන අතර එම බද්දට යටත් වන සීමාවේ සිටින අයවලුන් පමණක් බදු ගෙවිය යුතු වන බව ඒ මහතා සඳහන් කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (09) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු විසින් නැඟූ පැනයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැහැදිළි කර සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැතුම් නැංගුරම් දමයි – ශ්‍රී ලංකාව හොඳ තැනකට සේන්දු වෙයි

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

කෙහෙළියගේ දියණියන් දෙදෙනාට හා බෑණාට ඇප. එක් දියණියක් බන්ධනාගාරයට රැගෙන යයි !

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට...

අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙකු සහ නව අභියාචනාධිකරණ සභාපති දිවුරුම් දෙයි!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : ජනාධිපති කාර්යාලයේදී...