සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 10, කොළඹ (LNW): හෙල්ල දැමීම සහ ක්‍රිකට් ක්‍රීඩාව අතර ලංකාවේ ක්‍රිකට් බලද්දි ලොකු සම්බන්ධයක් තියෙනවද කියලා හිතෙනවා.ක්‍රිකට් ආයතනයෙ මුල් පුටුවෙ ඉන්න ශම්මි සිලවා කියන්නෙත් හෙල්ල වීසි කිරීමේ සූරයෙක්.ඔහු හෙල්ලට පමණක් නෙමෙයි කවපෙත්ත සහ යගුලියටත් දක්ෂතා දක්වා තිබෙනවා.ඒකෙ තව වැදගත්කමක් තියෙනවා.ශම්මි එහෙම හෙල්ලෙන් දිනද්දි ඔහුට දෙවැනි සහ තුන්වැනි වුණ දෙන්නත් ක්‍රිකට් ක්‍රීඩකයො.දෙවන තැන ගත් රෝහිත පෙරේරා ආනන්දය නියෝජනය කරද්දි තෙවන තැන ගත් විනෝදන් ජෝන් ආවෙ ශාන්ත පීතර විද්‍යාලයෙන්.ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවූ ක්‍රීඩකයෙක්.ඊට පස්සෙ දැන් ඉන්න චාමික කරුනාරත්න ගැන කතා කරන්න පුළුවන්.ඔහුත් තමන්ගෙ වයස් කාණ්ඩයෙන් හැමදාම හෙල්ල විසි කිරීම දිනපු ක්‍රීඩකයෙක්.
හංසිමා කරුණාරත්න වර්ථමානයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ක්‍රීඩකාවක්.ඇය මෙවර පළමු පෙළ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ද වුණා.ඇයත් හෙල්ල වීසි කිරීමට දක්ෂතා දැක් වූ ක්‍රීඩිකාවක්.මේ නම් අතර ජාතික කණ්ඩායම නියෝජනය නොකළත් ඉතා වේගවත් පිතිකරණ හැකියාවක් සහ පන්දු යැවීමේ හැකියාවක් තිබුණ ප්‍රසන්න අලුවිහාරේ කියන්නෙ ශ්‍රී ලංකාවේ සිටිය අංක එකේ ක්‍රීඩකයෙක්.ඒ වගෙම ලංකාවෙ හිටිය වාර්තාගත හෙල්ල වීසි කිරිමේ සූරයෙක් වන සචිත් මධුරංග ත් පසුකාලයක වේග පන්දු යැවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් එක යම් ආකාරයකින් සම්බන්ධ වී හිටියා.
මේ විදිහට ජාතික මට්ටමේ දක්ෂතා දක්වන හෙල්ල වීසි කිරීමේ ක්‍රිඩක ක්‍රීඩිකාවන් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් යම් අවධානයක් යොමු කිරීම වටින බව අපට හැඟෙනවා.විශේෂයෙන් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව යම් ආකාරයකට විධිමත් තැනකට ගෙන එන්නට උවමනාව තිබුණත්,එය එවැනි මට්ටමකට පත්වෙමින් තිබෙනවා කීමට මිස පත් වී ඇතැයි කීම අපහසු නිසා මෙවැනි සහය වැදගත් ඉසව් තෝරා ගැනීමට යම් පදනමක් ඇති කිරීම වැදගත් විය හැකියි.
ශ්‍රී ලංකාව හෙල්ල වීසි කිරීමෙන් කළාපයෙන් වගේම ආසියාතික මට්ටමෙන් යම් ජයග්‍රහණ ලබා ගෙන තියෙන රටක්.විජිතා විජේසේකර,ප්‍රදීප් නිශාන්ත,කිංස්ලි දිසානායක,සචිත් මධුරංග,නදීකා ලක්මාලි,නදීශා දිල්හානි ලේකම්ගේ ලෙස මේ විදිහට නම් එක පෙළට ලියාගෙන යන්න පුළුවන් වුණත් දැන් වෙන කොට මේ තත්ත්වය තරමක් දුරට බැහැර වෙලා.ඉන්දියාව සහ පකිස්තානයේ හෙල්ල විසි කිරිමේ සූරයන් ලෝකයත් ආක්‍රමණය කරමින් ඉන්නවා.ඉනිදීය සූරියන්ට මෑත කාලයේ යළිත් අභියෝග කරමින් ඉදිරියට එන්නට නදීශා සමත් වුණත් ඉසව්වක් හැටියට ඔවුන් එය පෝෂනය කරමින් ඉන්නවා.
දිනේෂ් ප්‍රියන්ත වැනි පැරා ක්‍රීඩකයින් ලෝකය සහ පැරා ඔලිමිපික් දිනමින් පෙරට ආ තත්ත්වය ද මේ වන විට නැවත ඉන්දියාව අත්පත් කර ගනිමින් ඉන්නවා.මේ ලංකාවෙ හැකියාව ලෝකයට කියලා ශ්‍රී ලංකාව ඇතුළෙ ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ මැදිහත්වීම සහ පහසුකම් ඇතුව හෙල්ල වීසි කිරීමේ ඉසව්ව පෝෂණය කරන්න වැඩ සටහනකට අනුමැතියත් ලැබුණා.ඒ සුගත් තිලකරත්න සභාපතිවරයාව සිටි කාලයේදි. ඒ සඳහා වශාල වැඩ කොටසක් කළේ වත්මන් ලේකම්වරයාව සිටින සමන් කුමාර ගුණවර්ධන.නමුත් සුගත්ගේ සභාපතිත්වයෙක් කරගෙන යන්න අනුමැතිය ලැබුණ වැඩ පිළිවෙල ඉන් පසුව ක්‍රියාත්මක කරන්න පත් වූ සභාපතිවරුන්ට අවශ්‍යය වුණේ නැහැ.රටක් හැටියට අපට දේශපාලනයෙන් හුරු කර තියෙන්නේ ජාතික ප්‍රතිපත්ති හැටියට දේවල් ක්‍රියාත්මක කිරීම වෙනුවට පුද්ගලයන් සතු බලය යටතේ වැඩ කිරීම ක්‍රීඩාවට ද අදාළ වෙන්නෙ මහා දේශපාලන සම්ප්‍රදායෙන්ම නිසා ඒ ව්‍යාපෘතිය නැවතුණා.දැන් අපි කළාපයෙ පළමු කැන සිටින්නට තියෙන ඉඩ අඩු කරගෙන තෙවන තැනට වැටෙන්නට තරම් පසුබා තිබෙනවා.නදීහා දිල්හානි නොසිටින්නට අපව තවත් පසුපසට වැටෙන්නටත් පුළුවන්.
ඒත් ඉතිහාසව පලන විට ශ්‍රී ලංකාව හෙල්ල විසිකිරීමේ ඉසව්වට යම් දක්ෂතාවයක් දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම පුහුණුකරුවන් ද නිර්මාණය කරන රටක්.අලුත් සිතිමක් සමඟ වැඩ කරන්න මඟ පෙන්විමක් එම පුහුණුකරුවන්ට පහසුකම් සමඟ ලැබෙනවනම් සහ අලුත් ක්‍රීඩකයින් සොයා යාමට පුහුණු කරන්නට අවධානය දිය යුතු ඉසව්වක්.ඒ සමඟම එවැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් දක්ෂතාවයක් සහිත ජාත්‍යන්තරයට යාමට නොහැකි පිරිසක් ක්‍රිකට් ක්‍රීඩාවට යොදා ගැනීමට හැකිද යන්නත් සළකා බැලිය හැකියි.
ක්‍රීඩකයින්ගේ දක්ෂතා අනුව එවැනි ජාතික තලයේ දක්ෂයන් සටහන් කර ගැනීමට හැකියාව ලැබුණත් ක්‍රිඩිකාවන් ගැන වැඩි අවධානයක් යොමු කිරීම ක්‍රිකට්වලට වටිනාකමක් ලැබෙන වැඩක් විය හැකියි.ක්‍රීඩකයින් හඳුනාගන්නට දැනට ක්‍රිකට්වලට වැඩ පිළිවෙලක් පිළිගත හැකි අයුරෙන් පැවතුනත් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට ඒ තරම් පිළිගත හැකි වැඩ පිළිවෙලක් තවමත් නැති බව අප පිළිගත යුතු ඇත්තක්.ඒ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානයෙන් කාන්තා හෙල්ල වීසි කිරිමේ ඉසව්ව දෙස අවධානය යොමු කිරීම වැදගත්.විශේෂයෙන් ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය සමඟ යම් දත්ත හුවමාරුවකට පිවිසීම වගේම සචිත් මධුරංග,වරුණ දයාරත්න වගේම මේ වන විට දක්ෂතා දක්වන පුහුණුකරුවෙක්ව සිටින ප්‍රදීප් නිශාන්තත් දත්ත විශ්ලේෂකයෙක් ලෙස ශ්‍රී ලංකා මලල ක්‍රීඩාව සම්බන්ධයෙන් හොද දෘෂිඨියකින් වැඩ කරන විසි කිරීම් ඉසව් කේෂ්ත්‍රයේ පුහුණුකරුවෙක් ලෙස ද දක්ෂතා දක්වන මාධව සෙනරත් බණ්ඩාර වැනි අය මේ සඳහා යොදා ගතහොත් වැදගත් ප්‍රතිපලයක් ගත හැකියි.
කාන්තා ක්‍රිකට් හොඳ ස්ථාවර ම්ට්ටමකට ගෙන එන තෙක් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ සුබ සිද්ධියට මේ වැඩ සටහන පෙරට ගෙන යා හැකිනම් වසර පහක වැනි කාලයකට ක්‍රිකට් ක්‍රීඩාව ස්ථාවර කර ගන්නට මේ වැඩ සටහනෙන් ප්‍රයේජනයක් ගැනීමේ හැකියාවක් තිබෙන බව සිතිය හැකියි.ඒ නිසා මේ වසර දෙකක පමණ කාලයක සිට වයස 17 න් පහළ පමණ හෙල්ල විසි කිරිමේ ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඔවුන්ගේ ක්‍රිකට් සම්බන්ධ ඇති කැමැත්ත යනාදිය සැළකිල්ලට ගන්නේ නම් වඩා යහපත් ප්‍රතිපලයක් කරා ක්‍රිකට් ගෙන යා හැකි දක්ෂතා සහිත ක්‍රීඩිකාවන් සොයා ගැනීමට නොහැකි වෙයිද? ශ්‍රී ලංකා ක්‍රිකට් දක්ෂයන් සොයා ගමට යන වැඩ පිළිවෙල යටතේ මේ කාරණයද සාකච්ඡාවට ගත හැකිනම් එය යම් ආකාරයකින් රටේ කාන්තා ක්‍රිකට් කෙරෙහි යහපත් ආකාරයේ බලපෑමක් ඇති කළ හැකියි.