*
Friday, May 17, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාව ප්‍රංශය සමඟ එක්වී න්‍යෂ්ටික බලශක්තිය සොයන නව ගමනක!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 10 කොළඹ (LNW): ශ්‍රී ලංකාව දැනට පවතින පොසිල ඉන්ධන සහ ජල විදුලිය මත රඳා පවතින තත්ත්වයෙන් ඉවත්ව න්‍යෂ්ටික බලශක්තිය භාවිතා කිරීමේ හැකියාව කෙසේදැයි සලකා බලමින් සිටී.

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීම සඳහා රුසියාව, එක්සත් ජනපදය, ඉන්දියාව, ඩෙන්මාර්කය, චීනය සහ කැනඩාව ඇතුළු ප්‍රබලම තරඟකරුවෙක් ලෙස ප්‍රංශය මෑතක සිට ඉදිරියට පැමිණ ඇති බව පෙනේ.

මෙරට බහුතරයක් පොසිල ඉන්ධන සහ ගල් අඟුරු මත යැපෙන බැවින් එහි බලශක්ති ඉල්ලුම සපුරාලීම දැඩි අර්බුධයක් වී ඇත. ඩොලර් හිඟයක් දැනටමත් ඉන්ධන ආනයනයට බලපා ඇති අතර එය විදුලිය විසන්ධි කිරීමට පවා හේතු වී ඇත.

ප්‍රංශයේ බලශක්ති උපයෝගිතා සමාගම වන Electricity De France ශ්‍රී ලංකාවට න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රංශ නියෝජිතයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා පවසයි.

කොළඹ ප්‍රංශ තානාපති Jean-Francois Pactet මහතා හමුවීමෙන් අනතුරුව න්‍යෂ්ටික බලශක්තිය සහ අනාගතයේදී සිදුවිය හැකි හවුල්කාරිත්වයන් පිළිබඳව EDF (Electricity De France) හි යෝජනාවක් පිළිබඳව ද අපි සාකච්ඡා කළෙමු,” විජේසේකර මහතා X (twitter) හි සටහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලශක්ති ඒකාබද්ධ කිරීමේ සැලසුම්, පුනර්ජනනීය බලශක්ති ප්‍රතිපත්ති, ස්මාර්ට් ජාල සංවර්ධනය සහ බලශක්ති කාර්යක්ෂමතා සැලසුම් පිළිබඳව ද අමාත්‍ය විජේසේකර මහතා තානාපතිවරයා දැනුවත් කර ඇති බවද සඳහන් වේ.

2022 දී, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ (IAEA) විශේෂඥයින් කණ්ඩායමක් ඒකාබද්ධ න්‍යෂ්ටික යටිතල පහසුකම් සමාලෝචනයක් හරහා න්‍යෂ්ටික බලශක්ති වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ පැවැත්වීම සඳහාද කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.

ශ්‍රී ලංකාව දැනට තෙල්, ගල් අඟුරු සහ හයිඩ්‍රොකාබන ඇතුළු බලශක්ති අවශ්‍යතාවලින් වැඩි ප්‍රමාණයක් ආනයනය කරයි. ආර්ථික බර ලිහිල් කිරීම සඳහා , 2030 වන විට සිය විදුලියෙන් 70% ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ජනනය කිරීමට අපේක්ෂා කරයි.

මේ වනවිට ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීමේ ප්‍රබලම තරඟකරුවෙක් බවට රුසියාව පත්ව ඇත.

රුසියාවේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් පසුගියදා දිවයිනට පැමිණ ශ්‍රී ලංකා බලධාරීන් සමඟ න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේ යෝජිත සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කළහ.

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ (SLAEA) සභාපති මහාචාර්ය එස්.ආර්.ඩී. ශ්‍රී ලංකාවේ අක්වෙරළ හෝ වෙරළාසන්න න්‍යෂ්ටික බලාගාරයක් සංවර්ධනය කිරීමේ මොස්කව් යෝජනාවේ තත්ත්වය පිළිබඳව රුසියානු නියෝජිත පිරිසට මෙහිදී පැහදිලි කර ඇත,

2015 පෙබරවාරි මාසයේදී ඉන්දියාව න්‍යෂ්ටික බලශක්ති සහය පිරිනැමීමේ පැරණිතම තරඟකරුවා ලෙස ශ්‍රී ලංකාව සමඟ න්‍යෂ්ටික බලශක්ති ගිවිසුමක් මුද්‍රා තැබූ අතර එම ගිවිසුම යටතේ ඉන්දියාව ශ්‍රී ලංකාවට පිරිස් පුහුණු කිරීම ඇතුළුව න්‍යෂ්ටික බලශක්ති යටිතල පහසුකම් ගොඩනැගීමට සහය ලබා දුන් බවද සඳහන් වේ.

2030 වන විට මෙගාවොට් 600ක න්‍යෂ්ටික ධාරිතාවක් ස්ථාපිත කිරීමට අවශ්‍යව තිබූ සැහැල්ලු කුඩා පරිමාණ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක ඉන්දියාවට ශ්‍රී ලංකාවට විකිණීමටද සැලසුම් කර තිබුණි. කෙසේ වෙතත්, ව්‍යාපෘතිය මෙතෙක් ආරම්භ වී නැති බවද වාර්තා වේ.

ශ්‍රී ලංකාව මේ වන විට රුසියාව, ප්‍රංශය සහ වෙනත් රටවලින් න්‍යෂ්ටික බලාගාර ආරම්භ කිරීම් පිළිබඳ තහවුරු නොකර තක්සේරු කරමින් සිටින බව අමාත්‍ය විජේසේකර මහතා පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan