*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

මම සමඟියට යන්නේ නැහැ.හැබැයි සන්ධානය හදනවා.මේ සන්ධානෙන් නිදහස් වෙලා යන්න තැනක් නැහැ!

කොළඹ LNW:නිදහස ජනතා සභාව නියෝජනය කරන තමන් සමඟි ජන බලවේගයට නොයන නමුත් සමඟි ජන බලවේගය සමඟ පුළුල් සන්ධානයක් හදන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසුවේය.

ඒ, අද (10) නිදහස ජනතා සභාව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

ඉදිරි ජනාධිපතිවරණයට මෙන්ම මහ මැතිවරණයට ද ඉදිරිපත් විය යුත්තේ එම සන්ධානයෙන් බව තමන් විශ්වාස කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එමෙන්ම මෙම පුළුල් සන්ධානය ගොඩනැගීම වැළැක්වීමේ අරමුණක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇති බවද ඔහු පවසන ලදී.

”අපිට සමඟි ජන බලවේගයට යන්න අවශ්‍ය නැහැ. නමුත් සන්ධාන ගත වෙන්න වෙන්නේ සමඟි ජන බලවේගයත් එක්ක. මොකද මේ මොහොතේ මහ පොලවේ තිබෙන විශාලතම බලවේගය. ජනාධිපතිවරණයට වගේම මහ මැතිවරණයටත් යා යුත්තේ මේ සන්ධානයෙන් කියල කියනවා. මොකද මේ සන්ධානයෙන් නිදහස් වෙන්න හේතුවක් නැහැ. නිදහස් වෙලා යන්න තැනකුත් නැහැ. අපි දිගටම සාකච්ජා කළා සන්ධානය හදන එක අගන. නමුත් අතර මැද එය නතර වුණේ අපි තමයි ඩලස් මැතිතුමා වෙනුවෙන් නියෝජ්‍ය නායකකම ඉල්ලුවේ. ඩලස් නෙවෙයි. ඒකට කැමති වුනේ. නැහැ. නමුත් සන්ධානය හදන්නේ නැහැ කියල කාටවත් කියන්න බැහැ. තනතුරු ප්‍රශ්නය විසඳා ගන්න කතා කරගෙන යනවා. මේ කසාදේ නම් ප්‍රසිද්ධ කලේත් 2022 ජූලි 20. සන්ධානය හදනවා. අපි 13 දෙනා එක මිටට හිටියේ. අපි අලුත් ගමනක් ආවේ. අලුත් වැඩපිළිවෙලක් අලුත් ව්‍යවස්ථාවක් එක්ක. මුලින්ම සමඟි ජන බලවේගය එක්ක සන්ධානයක් හදනවා කිව්වෙත් මහාචාර්ය පීරිස්. සමඟි ජන බලවේගයත් එක්ක පුළුල් සන්ධානයක හදන්න තීරණය කලේ නැහැ කියන කාරණය බොරු.”

මේ අතර ඩලස් අලහප්පෙරුම දේශපාලනයෙන් ඉවත්ව ගෙදර ගියද නැවත පොහොට්ටුවට නම් නොයනු ඇති බවද ඩිලාන් පෙරේරා මහතා පැවසුවේය.

”එතුමා දේශපාලනෙන් ගෙදර ගියත් අපහු පොහොට්ටුවට යන එකක් නැහැ. මම දැක්කා නාමල් රාජපක්ෂ මැතිතුමා ඩලස්ටයි,ජී.එල්.පීරිස් මහත්තයටයි කතා කරනවා. ඔහු දන්නවා ඔවුන්ගේ වටිනාකම. මුලින් කරපු සාකච්ජා වලදී ඩලස් ජනාධිපති සජිත් අගමැති වෙනවා කියන විශ්වාසයේ තිබුණේ. අවුරුදු ගානක් කතාකරල ගන්න බැරි තරම් විශ්වාසයක් ඒක. සමඟි ජන බලවේගයේ නායකයා එයට කැමති වෙලා හිටියේ. ආණ්ඩුවේ වුවමනාව තියෙනවා මේ හැදෙන සන්ධානය කඩන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයට ඕනේ සමඟිය සහ ජාතික ජන බලවේගය එක්ක කණ්ඩායම් එකතුවෙන එක වලක්වන්න. මොකද අද ආණ්ඩුවට තියෙන්නේ 25%යි 75%ක් එළියේ.

විවිධ ආකාරයේ යටිකුට්ටු වැඩ කරන්න අය ඉන්න පුළුවන්ද. මම දන්නවා ඩලස් එහෙම නැහැ. වෙන අය ඉන්න පුළුවන්. ඩලස්ගේ නායකත්වයෙන් අපි 13ක් එළියට ආවා. අපිට තනියෙන් තීරණ ගන්න බැහැ කණ්ඩායමේ ඉන්න අහිංක මන්ත්‍රීවරු තුන් හතර දෙනෙක් අතහැරලා. රනිල්ගේ වැල් පාලමෙන් නෙවෙයි අපේ ඒදණ්ඩෙන් හරි ඔවුන් එගොඩ කරන්න ඕනේ. සමඟි ජනබලවේගය එක්ක තනතුරු ගැන සාකච්ජා කළේ වාර දෙකයි. එකක් තමයි සජිත් අගමැති ඩලස් ජනපති. අනික තමයි අපි ඩලස් වෙනුවෙන් ඉල්ලු දේ.

චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා එක්ක මගේ ප්‍රශ්නයක් නැහැ. කතා හදන අයට හෙන ගහනවා

”සමඟියේ මන්ත්‍රී චමින්ද විජේසිරි සහ මම අතර ප්‍රශ්නයක් නිසා ඔහු ඉල්ලා අස් වුණා කියන කතාව කියන අයට නම් හෙන ගහනවා. චමින්ද විජේසිරි, මම කියන්නේ බොහොම ලඟින් ඇසුරු කරපු දෙන්නෙක්. බණ්ඩාරවෙල නගර සභාවේ ඉන්න කාලේ ඉඳන් මම දන්නවා.

ඔහුගේ ඉල්ලා ඇස් වීම මම නම් පිළිගන්නේ නැහැ. මට කියන්න තියෙන්නේ ඔය කියන කතව කියනවා නම් හෙන ගහන්න ඕනේ.මම සමඟි ජන බලවේගයට එන්නේ නැහැ.එතුමාට දිස්ත්‍රික් නායකත්වයට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතුමා මටත් වඩා හොඳින් ඒක දන්නවා.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan