*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

මන්ත්‍රීවරුන්ට මුහුද මැද පාටියක් ..?

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 10 කොළඹ (LNW): මන්ත්‍රීවරුන්ට මුහුද මැද පාටියක් ” මන්ත්‍රීලා 50ක්‌ මුහුද මැද සවාරියක,කෑම බීම වරායෙන් “ යන සිරසතලයන් යටතේ පළව ඇති ප්‍රවෘත්තීයක් විවිධ මධ්‍යන් හරහා දක්නට ලැබූ පවෘත්තියක් විය.

නමුත් , වරාය අධිකාරිය වැඩිදුරටත් දන්වා සිටීන්නේ , ශ්‍රී ලංකා වරාය අධිකාරිය විවිධ අවස්ථාවන්වලදී විවිධ රාජ්‍යනායකයින් ප්‍රභූවරුන් වෘත්තිකයින් සේවා ලාභීන් නැව් සමාගම්වල විදේශීය නියෝජිතයින් මාධ්‍යවේදීන් සඳහා වරාය නැරඹීමටත් වරාය තුළ සිදුවන සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් වඩාත් නිවැරදි තොරතුරු ලබාදීමත්, තොරතුරු ලබාදීම සඳහා ඇතුළත හා පිටත වරායන්හි නිරීක්ෂණ චාරිකාවන් සංවිධානය කරනු ලබන බවයි.

එහිදී වරාය අධිකාරිය පවසා සිටින්නේ, රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා , අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගෙන් කල ඉල්ලීමක් අනුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින්, අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් පිරිසක් සඳහා කොළඹ වරායෙහි සිදුවන සංවර්ධන කටයුතු පිළිබඳ, විශේෂයෙන් වරාය අධිකාරිය මගින් වරාය අධිකාරියෙන් මුදල් යොදවා ඉදිවන නැගෙනහිර පර්යන්තයේ දැවැන්ත සංවර්ධනයත් , ජේසී ටී පර්යන්තයේ සංවර්ධන කටයුතුත්, බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු හා අධිවේගී මාර්ග පද්ධතියේ සිදුවන සංවර්ධන කටයුතුත් පිළිබඳ විශේෂ නිරීක්ෂණ චාරිකාවක් මගින් දැනුවත් කිරීමක් සිදුකරන ලද අතර, ඉන් අනතුරුව හංසකාවා ඩෙජරයෙන් පිටත වරාය නිරීක්ෂණ චාරිකාවක් සිදුකෙරුණු බවයි.

මේ අනුව ඉහත සඳහන් තොරතුරු සත්‍ය බවත් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයන්හි මුහුද මැද පාටියක් විනෝද සවාරියක් වශයෙන් මෙය නිර්වචනය කිරීම මගින් වැරදි අර්ථකථනයක් සමාජය වෙත ලබාදීමට උත්සාහ කර ඇති බවත් වරාය අධිකාරිය පවසයි.

එබැවින් මෙය නිවැරදි තොරතුරක් නොවන බවද වරාය අධිකාරිය තහවුරු කරයි.

මෙම නිරීක්‍ෂණ චාරිකාව සඳහා පෙන්වා දී ඇති පරිදි ආහාර සඳහා හෝ වෙනත් කිසිදු වියදමක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් සිදු කර නොමැති බවද වරාය අධිකාරිය වඩිදුරටත් වගකීමෙන් පවසා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan