ඉදිරි මාස හය තුළ ජීවන වියදම අඩු කරනවා – රාජ්‍ය ඇමති වියාලේන්ද්‍රන්

Date:

කොළඹ LNW:ඉදිරි මාස හය තුළ ජීවන වියදම අඩුකිරීමට රජය පියවර ගන්නා බව වෙළද රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා පැවසීය.

වෙළද රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (10) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ප්‍රශ්න සමඟ දේශපාලනය කිරීම පහසු වුවද එම ප්‍රශ්නවලට විසඳුම් සෙවීම දුෂ්කරම දෙයක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

සමාජයක යහපැවැත්ම රැකගත හැක්කේ අයිතිවාසිකම් සහිත සංවර්ධනය ඉලක්ක කරගත් දේශපාලනයක් ගොඩ නැගීමෙන් පමණක් බව සඳහන් කරන ලදී.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ හමුවේ මෙරට පැවති ආර්ථික අවපාතය යම් ප්‍රමාණයකට යථා තත්ත්වයට පත්ව ඇති හෙයින් එම තත්ත්වය පරිපූර්ණ කරගැනීමට නම් පක්ෂ භේදයකින් තොරව සියලු දෙනා ඊට සහය දැක්විය යුතු බවයි වෙළද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ.

”එක දවසකින් ගහක් කපන්න පුළුවන්. ඒත් ඒ ගහ හදන්න අවුරුදු ගාණක් යනවා. ඒ වගේම රට දැවැන්ත ආර්ථික පසුබෑමකට ලක් වුණා. එය යථා තත්ත්වයට පත්කර ගැනීමට කාලයක් ගත වනවා. වැරදි සහ අදූරදර්ශී ප්‍රතිපත්ති නිසා රට විශාල ආර්ථික පසුබෑමකට ලක් වුණා. ඒ නිසා මේ මොහොතේ අප පක්‍ෂ භේද පසෙකලා කටයුතු කළ යුතුයි.

ඒ වගේම ජීවන වියදම අඩුකළ යුතුයි. රජයක් ලෙස අප ඒ වෙනුවෙන් කටයුතු කරමින් සිටිනවා. විශේෂයෙන් ඉදිරි මාස හය තුළ ජීවන වියදම අඩු කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බව කිව යුතුයි. ප්‍රශ්න සමඟ දේශපාලනය කිරීම පහසුයි වගේම එය ඕනෑම අයෙකුට කළ හැකියි. නමුත් එම ප්‍රශ්නවලට විසඳුම් සෙවීම දුෂ්කරම දෙයක්. මේ රජය නිරතව සිටින්නේ ගැටළුවලට විසදුම් සොයන දුෂ්කර කටයුත්තේයි.” යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රදේශ රැසකට මිලිමීටර් 200 ට වැඩි ඉතා තද වැසි. බොහෝ ප්‍රදේශවලට ප්‍රහාරාත්මක සුළං – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල මඩකලපුව ප්‍රදේශය අශ්‍රිතව පැවති "දිට්වා" ...

ජාතික මට්ටමේ ආපදා හදිසි ඇමතුම් අංක!

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW : ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය...

කැළණි ගඟේ ජල මට්ටමත් ඉහළට. කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට මහ ගංවතුර අනතුරු හැඟවීම් !

සටහන - රුවන් නෙළුගොල්ල පවතින අධික වර්ෂ්පාතනය හේතුවෙන් කැළණි ගඟේ...

අත්‍යාවශ්ය සේවා හැර අනෙකුත් රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක්

සටහන - රුවන් නෙළුගොල්ල පවතින ආපදා තත්වය හේතුවෙන්, අත්‍යවශ්‍ය සේවා...