සුළි කුණාටුවෙන් පිඩාවට පත් ජනතාව වෙනුවෙන් යුරෝපා සංගමයෙන් සහන!

රෂිකා හෙන්නායක පෙබරවාරි 28, කොළඹ LNW :

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහාය වීමට සහ රට පුරා අඛණ්ඩ සහන මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා , යුරෝපා සංගමය මගින් ශ්‍රී ලංකාවට යුරෝ මිලියනයක අතිරේක මානුෂීය ආධාර මුදලක් වෙන් කර ඇති බව වාර්තා වේ.

මානුෂීය හවුල්කාර සංවිධාන සමග ඒකාබද්ධව ලබා දෙන එම අධාර මුදල පීඩාවට පත් ජනතාවගේ මූලික සේවා සැපයීමට යොදාගනු ලබන අතර, යුරෝපා සංගමය සහ එහි හවුල්කාර සංවිධාන මීට පෙරද යුරෝ මිලියන 2.35 ක අධාර මුදලක් දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙරට ජනතාවට ලබා දුන් බව සඳහන් වේ.

ඒ ඉංජිනේරු තාක්ෂණික සහය සහ ද්‍රව්‍යමය ආධාරද ඇතුළත්වයි. යුරෝපීය සංගමය සහ එහි සාමාජික රටවල් ලොව ප්‍රමුඛතම මානුෂීය ආධාර සපයන්නන් ලෙස කටයුතු කරයි. ගෝලීය වශයෙන් මුහුණ දෙන අපහසුතාවන්ගෙන් ජනතාව මුදා ගැනීම, ආපදා සහ අර්බුදවලින් පීඩාවට පත් ජනතාවගේ අඛණ්ඩතාව සහ මානව ගරුත්වය ආරක්ෂා කිරීම යුරෝපීය සංගමයේ ප්‍රධාන අරමුණු අතරට ඇතුළත් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...