ඩොනල්ඩ් ට්‍රම්ප් හෂ්-මුදල් නඩුව සන්ම්බන්ධයෙන් නීතියෙන් වරදකරු වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 11; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෂ්-මුදල් නඩුවෙන් වරදකරු වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ට්‍රම්ප් අපරාධයක් සම්බන්ධයෙන් දඬුවම් නියම වූ පළමු එක්සත් ජනපද ජනාධිපතිවරයා බවට පත්වේ.

නිව්යෝක් විනිසුරු ජුවාන් මර්චන් විසින් ඊයේ(10)දිනයේදී වැඩිහිටි චිත්‍රපට නිළියකට කරන ලද හොර මුදල් ගෙවීම් සම්බන්ධයෙන් ව්‍යාපාරික ලියකියවිලි ව්‍යාජ ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් චෝදනා 34කට වරදකරු බවට නිවේදනය කළ අතර ඊට දඬුවම් වශයෙන් දඩයකට හෝ පරිවාසයකට කාලයකට ලක් නොකර කොන්දේසි විරහිතව නිදහස් කිරීමක් සිදුකර තිබේ.

කෙසේ නමුත්, මෙම සියලුම චෝදනාවන් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කරමින් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සඳහන් කර තිබුණේ, මෙම දඬුවම භයානක අත්දැකීමක් වන බවත්, ඒ වෙනුවෙන් අභියාචනා කිරීමට තමා සුදානම්වන බවත්, මෙය දේශපාලන වශයෙන් නින්දිත පලිගැනීමක් හා තමන්ගේ කීර්තිනාමයට හානි කිරීමක් වන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...

මහනුවර පෙරමුණ රැක ගනියි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...