ගල්ෆ් රටවල් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරයි

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට්, බහරේන්, සෞදි අරාබිය, කටාර් සහ ජෝර්දානය විසින් ඉරාන යුද්ධය සම්බන්ධයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් ඊයේ(26)දිනයේදී නිකුත්කර තිබේ.

එනම්, ඉරානය සමඟ පවතින සහෝදර සබඳතා අගය කරන අතරම, අසල්වැසි රටවල් දෙසට ප්‍රහාර වහාම නැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉරානයෙන් ඉල්ලා සිටින බවත්, අපරාධකාරී ප්‍රහාරවලට එරෙහිව ස්වයං ආරක්ෂාව සඳහා ඔවුන්ගේ පූර්ණ අයිතිය තහවුරු කරන බවත්, ඒ වෙනුවෙන් රාජ්‍යයන්ට තනි තනිව සහ සාමූහිකව ආරක්ෂා වීමට ඇති අයිතිය තහවුරු කරන බවයි.

මෙම තත්වය ගල්ෆ් කලාපයේ සාමූහික ඉවසීම හීන වී ඇති බවට ප්‍රබල සලකුක් වන අතර ඉරානයට එරෙහි එක්සත් ජනපද හා ඊශ්‍රයල ප්‍රහාර හේතුවෙන් ඉරානය ඊට පලිගැනීමක් වශයෙන් දියත් කළ මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් ඉලක්ක වූ යටිතළ පහසුකම්වලට වූ හානිය ඉදිරි වසර ගණනාවකට බලපැවැත්විය හැකිය.

ඉරානය තම අසල්වැසියන්ට එරෙහි ප්‍රහාර සම්බන්ධයෙන් සමාව අයැද ඇති අතර ඒවා සාධාරණීකරණය කර ඇත. ඔවුන් විසින් අසල්වැසි ප්‍රදේශවල එක්සත් ජනපද හමුදා කඳවුරු “නීත්‍යානුකූල” ඉලක්ක බව ද පවසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...