බලය අරන් ළඟ ළඟ මෙච්චර වැඩක් දෙයි කියලා හිතන්න අමාරුයි. ඒත් …..

Date:

බලය අරන් ළඟ ළඟ මෙච්චර ගානකට අරියි කියලා හිතන්ට අමාරුයි.. මොකද තුන්වෙනි ලෝකයේ රටවල්වල මුල් වතාවට බලය ගන්න වමේ පක්ෂවල ඉන්නෙ පූන්චි ආර්ථික ශක්‍යතාවක් සහ පොඩි පොඩි ආර්ථික අවශ්‍යතාවයන් තියෙන මිනිස්සු. ඒ අයට මර්සියක් ගහගන්නවත් එකවර කෝටිගානක මුදලක් පරිකල්පනය කරගන්ට බෑ..

ඉස්සල්ලාම වෙන්නේ ලේසියෙන්ම ගහගන්න පුළුවන් පේන තැන් දිහා කාලයක් බල බලා ඉන්න එක.. (මෙතන්දි බොහෝ වෙලාවට ජාවාරම් කාරයො බලෙන් ඇවිත් සල්ලි ඇඟේ ගහනව) ඊළඟට පක්ෂෙ එකාට එකා හොරෙන් පොඩි පොඩි ගේම්වලට යනවා.. ඊළඟට ගහගත්ත ගේම්වල වටිනාකමට අනුලෝමව ඒ අයගෙ ජීවිතවල ආර්ථික අවශ්‍යතාත් සංකීර්ණ වෙනවා.. එතන ඉඳන් පතගේම් වලට යන්ට පුලුවන් .. උදා:- නිකරගුවාව

දේශපාලනය තුල හොරු හැදෙන එක අවවර්ධිත ධනවාදයේ වෛශයික රෝගයක්. එතනදි වම දකුණ අදාළ වෙන්නේ නෑ. වැඩේට ඇබ්බැහිවෙන්න යන කාලයේ වෙනස විතරයි තියෙන්නෙ.. හේතුව අපෙ වගේ රටවල්වල මිනිස්සුන්ගෙ සකන්ඩ් ඉන්කම් හදාගැනීම, අමතර ඉඩකඩම් අරන්දැමීම වැනි දේට ඇති නැඹුරුව වැඩී..

බටහිර ලෝකයේ වගේ විනිවිද පෙනෙන දියුනු රාජ්‍ය මුල්‍ය සංසරණ පද්දතියක් නැතිකම දූෂනය සඳහාම නිර්මාණයවූ පැරණි අහුමුළු බහුලව පැවතීම අනික් හේතුවයි..

දූෂණ වංචා ඉහවහා ගොස් තිබීම නිසාම මේ රටවල්වල “පිරිසිදු දේශපාලනය” හොරු නැති ආණ්ඩු වගේ සංකල්ප ඉහලින්ම තියෙන ෆැන්ටසි බවට පත්වෙලා තියෙනවා.. මෙතනදි මේ රටවල්වල ජීවත්වෙන මිනිස්සු මේ ෆැන්ටසි පස්සෙ ගිහින් හෙණ බොරුවලල්වල වැටෙනවා..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...