සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින් තෝරාපත්කර ගැනීමට ඊයේ (10) පැවති නිලවරණයේදී ජාතික ජන බලවේගයට අන්ත පරාජයක් හිමිව ඇති බව වාර්තා වේ.
එහිදී සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සභික ධුර 113ක් ලබාගෙන ඇති අතර ජාතික ජන බලවේගයේ කණ්ඩායමට ලබාගත හැකිව ඇත්තේ සභික ධුර 06ක් පමණක් බව සඳහන්.
කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින් 133 දෙනෙකු තෝරාගැනීමට නියමිතව තිබුණ ද කොට්ඨාස කිහිපයක ඡන්ද නොපැවැත්වීම හේතුවෙන් ඊයේ දිනයේදී තේරීපත්වූ මුළු සභික සංඛ්‍යාව 119 කි.


