හැමෝම අපට බනිනවා, ශ්‍රීලනිපය ඕනෑම මොහොතක ආණ්ඩුවෙන් ඉවත් වෙන්න සූදානම් – ලසන්ත

Date:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දුවක් ගන්නේ නම් ඕනෑම මොහොතක ආණ්ඩුවෙන් ඉවත්වීමට තම මන්ත්‍රී කණ්ඩායම සූදානම් බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

“අපි හැමදාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නෙ. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 14 දෙනා විතරක් නෙවෙයි. ඒකෙ විධායක සභාව තියෙනවා, මධ්‍යම කාරක සභාව තියෙනවා. ඒ අනුව මධ්‍යම කාරක සභාව ගන්න ඕනෑම තීන්දුවකට අපි අනිවාර්යයෙන්ම එකඟව කටයුතු කරනවා. ඉතිං ඒක මම තමයි මාස තුනකට කලින් මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කළේ. හැබැයි සජබෙට යන්නෙත් නෑ, සජිත් ප්‍රේමදාස පස්සෙන් යන්නෙත් නෑ, ඒ වගේම පොහොට්ටුවට යන්නෙත් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තමා අපි අනිවාර්යයෙන්ම ඉන්නෙ.

දැන් හැබැයි අද අවාසනාවකට ජනතා විමුක්ති පෙරමුණෙනුත් බැනුම් අහනවා, ඒ වගේම ෆොන්සේකා මහත්තයාගෙනුත් බැනුම් අහනවා, අද පොහොට්ටුවෙනුත් බැනුම් අහනවා. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සේරගෙන්ම බැනුම් අහන මට්ටමකට අපි පත්කරගෙන තිබෙනවා. අපිට කාගෙන්වත් බැනුම් අහන්න අවශ්‍යතාවයක් නෑ. ඕනෙ කෙනෙකුට බනින්න පුළුවන්, නමුත් ඒ බනින ඒවා එකක්වත් අපි ගණන් ගන්නෙත් නෑ, අපට අදාළත් නෑ. අපේ පක්ෂයට වෙනමම මතයක්, ස්ථාවරයක් තිබෙනවා”

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මේ බව පැවසුවේ ඊයේ (10) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මීළඟ APEC නායක සමුළුව චීනයේ Shenzhen නගරයේ දී

කොළඹ LNW:2026 වසරේ APEC නායකයින්ගේ 33 වන නිල නොවන...

දීප්තිගේ දීප්තියෙන් වැසී ගිය ලෝරාගේ ගීතය

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ලෝරා වොල්වර්ඩිට් ක්‍රිකට්වලට අමතරව ගැයීමේද...

නිහඬව මිලියන ගණනක් අහිමි වීම: ශ්‍රී ලංකාව දැන් පාම් ඔයිල් තහනම ඉවත් කළ යුත්තේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : ලංකා වැවිලිකරුවන්ගේ සංගමය...

කෙහෙළියගේ පවුල ගොණු කළ පෙත්සම් තුනක් නිෂ්ප්‍රභා වෙයි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයින්ට අයත්...