*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

හිටපු ජනපති මෛත්‍රී අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ?

හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාව ඉදිරියේදී අත් අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව ආරංචිමාර්ග පවසයි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමට අදාළව ඒ මහතාව මෙසේ අත් අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ කර තිබුණ ද එය මෙතෙක් ක්‍රියාත්මක නොවීම තුළ කාදිනල් හිමියන් ඇතුළු පාර්ශ්ව ගණනාවකින් රජයට දැඩි පීඩනයක් ද එල්ල වෙමින් තිබේ.

එවන් පසුබිමක් තුළ මෛත්‍රීපාල සිරිසේන මහතා ද මෑතක සිට ඉතාම නිර්දය අයුරින් ආණ්ඩුවට පහරපිට පහර ගැසීමට පටන් ගෙන ඇති හෙයින් තවදුරටත් ඔහුව ආරක්ෂා නොකළයුතු බවට ප්‍රබල මතයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම වෙතින් ද ප්‍රකාශයට පත්ව ඇත.

ඒ අනුව ඒ මහතා සම්බන්ධයෙන් නුදුරේදීම ක්‍රියාමාර්ගයක් ගැනෙනු ඇති බව ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

මේ අතර මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඕනෑම දෙයකට තමන් සූදානම් බවක් සිය සමීපතමයින් සමග ප්‍රකාශ කර ඇති බවත් වාර්තා විය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan