වාර්ෂිකව විදේශ විනිමය සංචිත ඩොලර් බිලියන 11 කින් වැඩි කළ හැකිය.ආණ්ඩුව IMF වෙත යා යුත්තේ කොන්දේසි 2 කට යටත්ව ය. එනම් නව ආයෝජකයන්ට බදු සහන වැඩි කීරීම සහ රුපියල පාවීම නතර කර ගැනීමයි.
ප්‍රකට ව්‍යාපාරික සහ ආයෝජක ධම්මික පෙරේරා මහතා විසින් පසුගියදා, ලංකාවේ විදේශ සංචිත වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 11 කින් වැඩි කරගත හැකි ආකාරය ඇතුළත් යෝජනාවලියක් එළිදැක්වීය.
ඔහු එහිදී තවදුරටත් කියා සිටියේ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතිය යුත්තේ කොන්දේසි 2කට යටත්ව බව ය. එනම්, නව ආයෝජකයන්ගේ බදු සහන රඳවා ගැනීම සහ රුපියල පාවීම නතර කර ගැනීමයි.
පහත දැක්වෙන්නේ ‘Magnificent 7’ හෙවත් ‘අසිරිමත් 7’ යනුවෙන් නම් කර තිබූ, ඔහු විසින් අවධාරණය කළ සප්ත යෝජනාවන්ගේ සාරාංශයයි.
1
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ආසන්නයෙන් අන්තර්ජාතික ලෙස පිළිගත් සහ ජාත්‍යන්තර වර්ගීකරණයෙන් යුතු විශ්ව විද්‍යාල 5 ක් ස්ථාපිත කිරීම.
මෙම සරසවිවලට දේශීය සිසුන් 25,000 ක් සමග විදේශීය සිසුන් 30,000 ක් බැගින් බඳවා ගැනීම තුළින් විදේශ සංචිත ඉහළ නංවා ගත හැකිය.
වාර්ෂික ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 25,000 ක් උසස් අධ්‍යාපනය සඳහා රටෙන් පිටවෙති. මෙම එක් සිසුවෙක් දළ වශයෙන් වසරකට ඩොලර් 30,000 ක් සිය අධ්‍යාපනය සඳහා වැය කරන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 750 ක් රටෙන් පිටතට ගලා යවමිනි. ඒ අනුව වාර්ෂිකව ඩොලර් බිලියන 2.25 ක් රටෙන් පිටතට ගලා යයි.
( 25,000 × 30,000 = ඇ.ඩො.මි. 750ක මුදලක් වසරකට)
( එය වසර 03කට ගණන් බැලීමේදි )
(ඇ.ඩො.මි. 750 × 3 = ඇ.ඩො.බිලියන 2.25 කි )
ධම්මික පෙරේරා මහතා පෙන්වා දෙන්නේ විදෙස් විශ්වවිද්‍යාලවලට ඇදි යන පිරිස මෙම පිළිගත් විශ්වවිද්‍යාල පද්ධතිය ස්ථාපිත කිරීම තුළ සීමාවන අතර එම විශ්වවිද්‍යාල තුළ මෙරට සිසුන් 25,000කට අධ්‍යාපන අවස්ථා ලබාදීම හරහා ඔවුන්ට ජාත්‍යන්තර පිළිගත් උපාධියක්
මෙරටදීම ලබාගත හැක.
එම සිසුන්ට මෙරට රාජ්‍ය හා පෞද්ගලික බැංකු සමග එක්ව ඔවුන්ට සහනදායි අධ්‍යාපන ණය ක්‍රමයක් හඳුන්වාදීමද සිදුකළ යුතුය.
එමෙන්ම එම විදේශිය විශ්වවිද්‍යාල පද්ධතිය හරහා කලාපීය සිසුන් 25,000ක් වසරකට අධ්‍යාපනය සඳහා ගෙන්වා ගැනීම කළ යුතුය.
එමගින් වසරකට ඇ.ඩො.බිලියන 2.25ක ආදායමක් මෙරට ආර්ථිකයට එක්කළ හැක.
(ඇ.ඩො.බිලියන 2.25ක ආදායමක්)
2
සංචාරක පැමිණීම් ඉහළ නංවා ගත හැකි ආකාරයේ බජට් ගුවන් සේවාවන්(Budget Airline) හඳුන්වා දීම
තායිලන්තය, සිංගප්පූරුව, මැලේසියාව සහ වියට්නාමය විසින් දැනටමත් මෙම ක්‍රමය අනුගමනය කරන අතර එයින් සාර්ථක ප්‍රතිඵල ද ළඟා කරගෙන සිටිති. බජට් ගුවන් සේවාවන්ගේ(Budget Airline) කේන්ද්‍රය ලෙස කොළඹ නගරය නැවත පුබුදුවාලිය හැක.
රත්මලාන ගුවන් තොටුපොළ ජාත්‍යන්තර බජට් ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම හරහා දිවයිනට වාර්ෂිකව පැමිණෙන සංචාරකයන්ට අමතරව තවත් සංචාරකයින් මිලියනයක් ආකර්ෂණය කර ගැනීම.
මෙමගින් වාර්ෂිකව ඇ.ඩො. බිලියන 2 ක අතිරේක විදේශ විනිමය ආදායමක් ලබාගත හැකිය.
(ඇ.ඩො.බි. 2ක ආදායමක්)
3
රාජ්‍ය විශ්ව විද්‍යාල තුළ IT ක්ෂේත්‍රය සඳහා පවතින ඉල්ලුම ට විසඳුම්
තොරතුරු තාක්ෂණය, මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව සහ පරිගණක වැඩසටහන් සඳහා රාජ්‍ය විශ්ව විද්‍යාල තුළ පවතින ඉල්ලුම සපුරාලීම සඳහා පුද්ගලික අංශයට මැදිහත් වීමට අවස්ථාව සලසා දිය යුතුය.
මෙරට සියලු රාජ්‍ය විශ්වවිද්‍යාලවල මගින් ඉගැන්වීම් කටයුතු කරන IT (තොරතුරු තාක්ෂණ), Engineering (ඉංජිනේරු), Programming (පරිගණක භාෂා) පාඨමාලා ඉගැන්වීම් කටයුතු සිදුකිරීම සඳහා පෞද්ගලික අංශයේ අධ්‍යාපන ආයතනවලට අවස්ථා ලබාදිම.
මෙහිදී පුද්ගලික ආයතනවල IT සිසුන්, සෑම මාස 6කටම වරක් පිළිගත් විභාග පටිපාටිය අනුව රාජ්‍ය විශ්ව විද්‍යාලවල විභාග සඳහා පෙනී සිටිය යුතුය. එම විභාග සමත් අයට බාහිර උපාධි පිරිනැමීමේ වැඩපිළිවෙක් සම්පදනය කෙරෙනු ඇත. මෙම මුල පිරීම මගින්, සෑම වසර 5කටම වරක් IT සුදුසුකම් ලත් සිසුන් 200,000 ක් නිර්මාණය කරන අතර, එය දැනට තොරතුරු තාක්ෂණ සේවා මගින් ලබාදෙන ඇ.ඩො. බිලියන 1 ක අපනයන ආදායම, ඇ.ඩො. බිලියන 2 ක් දක්වා ඉහළ නංවනු ඇත.
(ඇ.ඩො.බිලියන 02ක ආදායම)
4
පොල් කර්මාන්ත ක්ෂේත්‍රය ඉහළ නැංවීම
වර්තමානයේ රටේ තිබෙන පොල් ගස් ප්‍රමාණය වන මිලියන 1.5, තවත් මිලියන 4 කින් වාර්ෂිකව ඉහළ නැංවීම තුළින් පොල් කර්මාන්ත ක්ෂේත්‍රයේ සීඝ්‍ර වර්ධනයක් අත්පත් කර ගත හැකිය.
එක් පොල් ගෙඩියක් ඇ.ඩො.සත 50ක අගයක් කර්මාන්තයට එකතු කිරීමෙන් එම පස් අවුරුදු සැලැස්ම හරහා (ඇ.ඩො.මි 120 × 5 = ඇ.ඩො.මි. 600ක ) ආදායමක් උපයා ගත හැක.
”මේ මුලපිරීම හරහා වසර 5 ක් ඇතුළත පොල් පැළ මිලියන 20 ක් රට තුළ රෝපණය වන අතර, එමගින් අතිරේක වශයෙන් පොල් ගෙඩි බිලියන 1.2 ක් නිෂ්පාදනය කරනවා. මේ අනුව පොල් සහ පොල් ආශ්‍රිත කර්මාන්තවල අපනයන ආදායම වසර 5 ක් තුළ ඇ.ඩො. මිලියන 600 කින් ඉහළ යනු ඇති.” යැයි මෙහිදී ධම්මික පෙරේරා මහතා පවසයි.
(ඇ.ඩො.මිලියන 600ක ආදායම)
5
ලෝක පරිමාණයේ සුව සේවා කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම
සිංගප්පූරුව වැනි ලෝක පරිමාණයේ සෞඛ්‍ය සේවා කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම ධම්මික පෙරේරා සිය ‘අසිරිමත් 7’ යටතේ ඉදිරිපත් කරන තවත් යෝජනාවකි. සිංගප්පුරුවේ මවුන්ට් එළිසබෙත් රෝහල වැනි ජාත්‍යන්තරව පිළිගත් පහසුකම් සහිත රෝහල් 02ක් රජයේ වියදමින් ඉදිකර කළමනාකාරීත්වය ජාත්‍යන්තර පිළිගත් රෝහලවලට එම ආයතන කළමනාකාරීත්වය හරහා ලබාදීම.
අන්තර්ජාතික පිළිගැනීම සහිත ලෝක මට්ටමේ රෝහල් 2 ක් ආණ්ඩුව විසින් ස්ථාපිත කරන්නේ නම් එමගින් ඇ.ඩො. මිලියන 100 ක විදේශ ආදායමක් එම රෝහල්වලට ඇදී එන විදේශීය රෝගීන් හරහා රටට උපයා ගත හැකිය. තවද ශ්‍රී ලාංකිකයන් විසින් පිටරට සෞඛ්‍ය සේවා සඳහා වාර්ෂිකව වැය කරන ඇ.ඩො. මිලියන 100 ක මුදලක් ද රට තුළ ඉතිරි කර ගත හැකිය.
එමෙන්ම කලාපිය රටවල් තුළ මෙම ඉදිකරන රෝහල් සන්නාම ප්‍රවර්ධනය තුළින් ගුණාත්මක වෛද්‍ය සහ හෙඳ සේවාවක් ඇති අප රටට විදේශිකයන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා මෙරටට ගෙන්වා ගැනීමෙන්
ඇ.ඩො.මි. 100ක පමණ ආදායමක් උපයා ගත හැක.
( Dollar Saving 100 + Dollar Income 100 )
(ඇ.ඩො.මිලියන 200ක ආදායම)
6
කරදිය සම්පත පුළුල් ලෙස භාවිතය
ශ්‍රී ලංකාවේ කරදිය සම්පත පුළුල් ලෙස භාවිතා කිරීම මගින් ශ්‍රී ලංකාවට සිය විදේශ සංචිත ප්‍රමාණය තවත් බිලියන 1 කින් ඉහළ දමාගත හැකි බවට ධම්මික පෙරේරා මහතා විශ්වාස කරයි.
ගැඹුරු මුහුදේ මාළු ඇල්ලීම, බෝට්ටු භාවිතය දෙගුණයක් කිරීම හරහා ප්‍රවර්ධනය කළ හැකිය. තවද කුඩා හා මධ්‍ය පරිමාණ ධීවරයන් ට චන්ද්‍රිකා සහ GPS තාක්ෂණය හා අවශ්‍ය මෙවලම් ලබාදිය යුතුය. ගැඹුරු මුහුදේ මසුන් මැරිම සඳහා යන විශාල බහුදින යාත්‍රා හිමිකරුවන්ට දැනට පවතින බලපත්‍ර ක්‍රමයට අමතර නව බහුකාර්ය බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීම.
ඒ හරහා ඔවුන්ට තවත් අමතර බහුදින යාත්‍රාවක් ලබාගත හැකි අතර නමුත් වරකට ධීවර වරාය තුළ නැංගුරම්ලා හැක්කේ එක් යාත්‍රාවක් පමණි.
මේ හරහා ඔවුන්ට අමතර මත්ස්‍ය අස්වැන්නක් ලබාගත හැකිවේ.
එමෙන්ම කුඩා ප්‍රමාණයේ ධීවර යාත්‍රා සඳහා සැටලයිට් 4කින් යුතු ජී.පී.එස් තාක්ෂණයෙන් සමන්විත ජෙමිනි උපකරණ සවිකිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමෙන් මසුන් රංචු වශයෙන් මුහුදේ සිටින ස්ථාන හඳුනාගැනීමට හැකිවන අතර එමගින් ඔවුන්ටද අමතර මත්ස්‍ය අස්වැන්නක් ලබාගත හැක.
නාවික වර්ග කිලෝමීටරයක් තුළ ඉන්දීය ධීවරයන් විසින් මාළු කිලෝග්‍රෑම් 20,000 ක් අස්වැන්න ලෙස ලබාගන්නා විට ශ්‍රී ලාංකික ධීවරයන් ලබාගන්නේ මාළු කිලෝග්‍රෑම් 900 ක් පමණක් බව ද ධම්මික පෙරේරා මහතා පෙන්වා දෙයි.
මෙතුළින් අමතර කිලෝග්‍රෑම් මිලියන 500ක මත්ස්‍ය අස්වැන්නක් ලැබෙන අතර ඉන් ඩොලර් බිලියන 1ක ආදායම් ලබාගත හැක.
(ඇ.ඩො.බිලියන 1ක ආදායම)
7
ආයෝජන මණ්ඩලයේ ආයෝජකයින්ට ලැබෙන Tax holydays (බදු විරාම) සහ අනෙකුත් ප්‍රතිලාභ වැඩිකරමින් ආසියාවේ හොඳම ව්‍යාපාරික ආයෝජන පරිසරය ගොඩනැංවීම.
සිය 7 වැනි යෝජනාව අන්තර්ජාතික මූල්‍ය අරමුදලට සම්බන්ධ කර ඉදිරිපත් කරන ධම්මික පෙරේරා මහතා පවසන්නේ, ව්‍යාපාර කිරීමේ දර්ශකය ( Doing Business Index) ඉහළ දමාගැනීමේ පියවරවලට සමගාමීව දේශීය හා විදේශීය නව ආයෝජකයන්ට ලබාදෙන බදු සහන වැඩි නොකරන්නේ නම් ඒවා රඳවා තබාගන්නා ලෙසයි.
”මෙම මුල පිරීම මගින් පමණක් ඇ.ඩො. බිලියන 2-3 අතර නව ආයෝජන ගෙන ආ හැකි බවත්, එතුළින් ආයෝජක හිතකර පරිසරයක් ඇතිකිරීමෙන් නව ආයෝජක ව්‍යාපෘති හරහා ඇමරිකානු ඩොලර් බිලියනයක ආදායමක් ලබාගත හැකිබවත් මට විශ්වාසයි” යනුවෙන් ධම්මික පෙරේරා මහතා පැවසීය.
මෙම කරුණු 7 ක්‍රියාත්මක කිරීමෙන් වසර 5 ක් තුල ජාතික ආර්ථිකයට ඇ.ඩො.බි 11.25 ක ආදායමක් ලබාගත හැක.
විදේශ විනිමය ඉපැයීම් කෙටි කාලීන හා මධ්‍ය කාලීන ලෙස වැඩිදියුණු කළ හැකි නිශ්චිත හා විශ්වාසනීය ප්‍රායෝගික විසඳුමක් ආණ්ඩුව විසින් ගෙන ආ යුතු බව ද ධම්මික පෙරේරා මහතා අවධාරණය කරයි. මෙමගින් ගෝලීය ආයෝජකයන්ගේ, ව්‍යාපාරවල සහ ශ්‍රේණිගත කිරීමේ ආයතනවල විශ්වාසනීයත්වය නියත වශයෙන්ම ඉහළ යනු ඇති අතර, එය ශ්‍රී ලංකාවේ ස්වෛරී ශ්‍රේණිගත කිරීම් ඉහළ දැමීමට ද හේතු වනු නිසැක ය.
(ඇ.ඩො.බිලියන 3ක ආදායම)