CID අත්අඩංගුවේ සිටි කාන්තාවක් ජනේලයකින් පැන දිවි නසා ගැනීම: Update 01

Date:

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඔවුන් භාරයේ රඳවාගෙන සිටියදී පස්වෙනි මහලෙන් බිමට පැන සියදිවි නසාගෙන ඇති කාන්තාව රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සේවය කරමින් සිටි කාන්තාවක් බව වාර්තා විය.

එම කාන්තාව සමඟ එම බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරීවරයෙක් ද අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේද ඊයේ (10) රාත්‍රියේදී.

මිය ගොස් සිටින කාන්තාව ඊයේ කැනඩාව බලා යාමට සූදානමින් සිට ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇයට එරෙහිව විදේශ ගමන් තහනමක් ද ලබා ගෙන තිබී ඇති බව සඳහන්.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබුණේ රුපියල් මිලියන 80ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටියදී මීට ඉහතදී ද එහි සිව්වන මහලෙන් පැන පුද්ගලයෙකු සිය දිවි නසාගෙන තිබුණි.

එම සිදුවීම 60 දශකයේ සිදුවූවක් වන අතර එලෙස සිය දිවි නසාගෙන තිබුණේ නුගේගොඩ දොඩම්පේ මුදලාලි නැමැත්තාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...