*
Friday, April 19, 2024
spot_img

Latest Posts

කලණ මිතුරු චීනය

නූතන චීනය යනු ලෝකයේ දැවැන්තම ආර්ථික ක්‍රියාවලිය හිමි රාජ්‍යය බව කවුරුත් පිළිගනිති. ලෝකයේ යකඩ හා වානේ නිෂ්පාදනය, ඉදිකිරීම් ක්ෂේත්‍රය, වෙළෙඳ කටයුතු හා ගල්අඟුරු නිෂ්පාදනය අතින් පෙරමුණ ගැනීමට චීනය සමත් වී ඇත. 2025 වන විට නිව්යෝර්ක් නගර වැනි නගර දහයක් චීනය තුළ ඉදිවන බවට පුරෝකථන තිබේ. ලෝකයේ දැවැන්ත ඉදිකිරීම් සේම දැවැන්ත සමාගම් ද චීනය හිමි කරගෙන තිබේ. චීන කොමියුනිස්ට් පක්ෂය බිහිවී වසර සියයක් ගත වී ඇත. මේ වසර සියය තුළ ප්‍රතිපත්තිමය වශයෙන් නොවෙනස්ව ක්‍රියා කිරීමට චීනය වගබලාගෙන ඇත.

චීන නායකත්වයට කවුරුන් පත්වුව එහි දේශපාලන හා ආර්ථික ප්‍රතිපත්ති වෙනස් නොවේ. ලෝක ආර්ථික දැවැන්තයාගේ රහස එය යැයි කිව හැකිය.1972දී චීන සංචාරයක නිරත වූ බණ්ඩාරනායක මැතිනිය චීන කොමියුනිස්ට් පක්ෂයේ නිර්මාතෘ මාඕ සේතුං මහතා හමු වීමට ගියාය. මාඕ සේතුං මහතා හඳුන්වන්නේ චීනයේ ජනතා නායකයා හැටියටය. ඉහත හමුවීමෙන් පසු බණ්ඩාරනායක මැතිනිය කියා සිටියේ තමන්ට චීනයේ විප්ලවීය ජනතා නායකයා හමු වීමට ලැබීම රටට ලැබුණු විශාල ගෞරවයක් බවය. මැතිනියගේ එම අදහස් චීන නායකයන්ගේ පැසසුමට ලක්විය.

චීනය, දකුණු ආසියාව තුළ වැඩියෙන්ම සබඳතා පවත්වන රාජ්‍යය හැටියට ද ශ්‍රී ලංකාව හැඳින්විය හැකිය. එය අපට ගෞරවයකි. චීනය හැමවිටම ශ්‍රී ලංකාවට ගෞරවනීය ලෙස සැලකීමට ද කටයුතු කර ඇත. මෑතකදී චීන පොහොර නැවක් සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් මතු වුව එය සුහදශීලී ලෙස විසඳා ගැනීමට දෙරටම සමත් විය.මෙරට පැමිණි චීන විදේශ අමාත්‍යවරයා වැදගත් ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි සිය අවධානය යොමු කළේය.

හම්බන්තොට ආයෝජන කලාපයට ආයෝජකයන් ගෙන්වා ගැනීම, දෙරටේ සහයෝගයෙන් සංචාරක කටයුතු දියුණු කිරීම, ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය වර්ධනය කිරීමට ක්‍රියා කිරීම ඒ අතර වෙයි. අපනයන ක්ෂේත්‍රය හා සංචාරක කර්මාන්තය ගත හොත් මේ මොහොතේ ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් ජයග්‍රහණ අත්පත් කරගත හැකි ප්‍රධාන උපාය මාර්ග දෙක ලෙස සැලකිය හැකිය. කොවිඩ් වසංගත තත්ත්වය යටතේ වුව ඉහත ක්ෂේත්‍ර දෙක ප්‍රමාණවත් වර්ධනයක් ලබාගෙන තිබේ. චීන රජයේ සහයෝගය මත එම ක්ෂේත්‍ර දෙක තවදුරටත් ඔසොවා තැබිය හැකිය.ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ද චීන රජයට යෝජනා දෙකක් ඉදිරිපත් කර තිබේ. ජනාධිපතිවරයාගේ යෝජනාවෙහි සඳහන් වන්නේ චීන ණය ගෙවීම් සම්බන්ධයෙන් ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුවීම වැදගත් බවය.

විශේෂයෙන් ණය ගෙවීමේ කාලසීමා සම්බන්ධයෙන් මේ ප්‍රතිව්‍යුහගත කිරීම අපේක්ෂා කරයි. කොවිඩ් වසංගතය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය පසුබෑමකට ලක් වී ඇත. එය යථා තත්ත්වයට පත්වීම සඳහා සැලකිය යුතු කාලයක් ගත වන්න පුළුවන. අගමැතිවරයාගේ යෝජනාව වූයේ චීනයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන්ට සිය අධ්‍යයන කටයුතු අවසන් කරගැනීම සඳහා අවශ්‍ය සහන ලබාදීමට ක්‍රියා කරන්න යන්නය. වෑන්ග් යී මහතා ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රමුඛතාව දී එම ගැටලුව විසඳන බවට පොරොන්දුවක් ලබා දුන්නේය.

‘චීනය අපේ කලණ මිතුරෙකි’ යන්න අතිශයෝක්තියෙන් යුතු අලංකාර වචනයක් නොවේ. කොවිඩ් එන්නත්කරණයේදී චීනය තරම් අපට සහයෝගය දුන් වෙනත් රාජ්‍යයක් නොමැත. මෙරට ත්‍ර:ස්තවාදය අවසන් කිරීම සඳහා ද චීනය එදා දුන් සහ‍යෝගය අතිමහත්ය. ශ්‍රී ලංකාව දුෂ්කරතාවට පත්වූ සෑම අවස්ථාවකම පාහේ චීනය ඉදිරිපත් වී අපට සහයෝගය දී ඇත. එය කෘතවේදීත්වයෙන් යුතුව සිහිපත් කළ යුතුය. ජිනීවා මානවහිමිකම් කොමිසම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැඩි තීන්දු-තීරණ ගැනීමට සූදානම් වූ සෑම අවස්ථාවකම චීන නායකයෝ ඊට විරුද්ධ වූහ. චීනය වැනි බලවත් රාජ්‍යයක විරෝධතාව නොසලකා හරින්නට ජිනීවා මානවහිමිකම් කොමිසමට හැකියාවක් නැත.

#ඇත්ත Facebook

Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan