රාජ්‍ය සේවක වැටුප් ගැන සැකයක් තියාගන්න එපා – මුදල් රාජ්‍ය ඇමති

Date:

රාජ්‍ය සේවකයින්ගේ වැටුප්, විශ්‍රාම වැටුප් සහ සමෘද්ධි ඇතුළු සුබසාධන දීමනා සඳහා ප්‍රමුඛතාව ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

“ආර්ථිකය සම්පූර්ණයෙන්ම ස්ථාවර වෙලා සාමාන්‍ය තත්වයට පත්වෙන්න තව කාලයක් ගතවෙනවා. ඒ සඳහා අවශ්‍ය සම්පූර්ණ වැඩපිළිවෙල රජය මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතිනවා. දැඩි සේ වියදම් සීමා කරන්න කියලා මුදල් අමාත්‍යාංශය සියලු අමාත්‍යාංශවලට දැනුවත් කරලා තියෙනවා. 2023 සඳහා අයවැය ඉදිරිපත් කරද්දීත් අත්‍යාවශ්‍ය වියදම් සඳහා ප්‍රමුඛතාව ලබාදීම හැර අනෙකුත් වියදම් සඳහා මුදල් වෙන් කිරීමක් සිදුකරලා නෑ. අපි විශ්වාස කරනවා IMF අනුමැතිය මේ පළවෙනි කාර්තුවේ ලැබීමත් සමගම ආර්ථිකය යථාවත් වීම වේගවත් වෙයි.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සඳහා මුදල් වෙන්කරලා ගෙවීම, විශ්‍රාමිකයින් සඳහා මුදල් ගෙවීම, සමෘද්ධි ඇතුළු අනෙකුත් සහනාධාර සඳහා මුදල් ගෙවීම අපි මේ වෙනකොට කළමනාකරණය කරගෙන පවතිනවා. මේක අසීරු කළමනාකරණයක්. රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ සුබසාධන දීමනා කිසිදු කප්පාදුවකින් හෝ ප්‍රමාදයකින් තොරව ලබාදීමට අපි වැඩ කටයුතු කරනවා කියන පණිවිඩය දෙන්න පුළුවන්. ඒ ගැන කිසිදු සැකයක් තියාගන්න ඕනෙ නෑ. ඒ අදාළ දින වකවානු වලදී ඒවා ලැබීම සඳහා කටයුතු කරනවා”

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (10) දිනයේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...