රූපවාහිනී සංස්ථාවට බලෙන් ඇතුළුවීම : තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

0
310

පසුගිය අරගල සමයේදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙකි.

ඔහුව ඊයේ (10) සවස කුරුඳුවත්ත පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර අද (11) දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

මීට පෙර මෙම සිදුවීමට අදාළව සැකකරුවන් පස්දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබිණි.

RN