*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

දසුන් ආයෙත් නිදසුන් සපයයි

දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමේ නැංගුරම බවට පත්වෙමින් පරාජයට පත් වූ ඉන්දීය පළමු එක්දින තරගයේ දී අගනා ශතකයක් ලබා ගත්තේය.තරගයේ පන්දුවට පහරදීම පළමුවෙන් කළ ඉන්දියාව කඩුලු 7 ට 373 ක් ලබා ගත්තේය.


එම ලකුණු පූවරුවට මනරම් සටහනක් තැබූ විරාට් කෝලී පන්දු 87 න් ලකුණු 13 ක් එක් කළේය.එයට එකම එක හයේ පහරක් එකතු වූ අතර හතරේ පහර 12 ක් එකතු විය.වැදගත්ම කාර්යය වූයේ ඉතා අවම නිලකුණු පන්දු ප්‍රමාණයක් සමඟ ඔහු සෑම පන්දුවකින්ම පාහේ ලකුණු එකතු කර ගනිමින් කඩුලු අතර දිව ගිය ශක්තිමත් ආකාරය සහ ඒ සම්බන්ධයෙන් තිබූ විශ්වාසය ය.ශ්‍රී ලංකාවට ඉන්දීය ඉණිමේ ඇති කළ දැවන්තම බලපෑම ඇති කළේ ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන්ය.විසිවන පන්දු ඕවරයේ සිව්වන පන්දුවට පළමු කඩුල්ල සේ ෂුබ්මාන් ගිල් දැවී යන විට ඉන්දීය ලකුණු පූවරුව 143 ක් වූ අතර ගිල් ලකුණු 70 ක් ලබා තිබිණ.රෝහිත් ෂර්මා ලකුණු 87 ක් රැස් කළේ පන්දු 67 දී ය.
ඉන්දීය පිතිකරුවන් ආරම්භයෙන් ලබා දුන් සැහැල්ලුව හොඳින් භුක්ති වින්ද අතර ලකුණු වේගය වෙනසක් නොවන්නට පහර එල්ල කිරීම අභිප්‍රාය විය.පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන්ගේ ප්‍රහාරක වේගය සැළකිල්ල ගනිද්දී පන්දු 8 න් නොදැවී ලකුණු 7 ක් ලබා සිටි මොහොමඩ් සිරාජ් ඇරෙන්නට අන් සියල්ලම සියයකට එහා ප්‍රහාරක වේගයක් එක් කරගෙන තිබිණ.
වැඩිම කඩුලුලාභියා මෙන්ම වැඩියෙන්ම ප්‍රාහරයට ලක් වූ ක්‍රීඩකයා ද වූ කසුන් රාජිත ලකුණු 88 ක් ලබා දී කඩුලු තුනක් ලබා ගත්තේය.ශ්‍රී ලංකා මද වේග පන්දු යවන්නන් අතරින් යම් පීඩනයක් දුන්නේ චාමික කරුණාරත්න පමණක් වූ අතර ඔහු පන්දු ඕවර් 8 ලකුණු 54 ට සීමා කර ගනිමින් අන්තිම පන්දු ඕවරය ද පාලනයකින් යුතුව යැව්වේය.වේග පන්දුවට තරගය ආරම්භයේ දී කිසිඳු පීඩනයකින් තොරව ඇවිඳ පහර දෙද්දී පන්දු යැවීම සඳහා යොදා ගන්නට මහේෂ් තීක්ෂණ නොසිටිම ගැටළුවකි.ඒ හිස් තැන හොඳින් දැණුන අතර ඊයේ මහේෂ් තීක්ෂණ වේග පන්දු යවන්නෙක් වෙනුවට යොදා ගෙන තිබ්බේනම් ඉන්දීය ලකුණු පූවරුව ඊට වඩා දුප්පත් වන්නට තිබිණ.
ශ්‍රී ලංකාවට දැවන්ත ලකුණු පූවරුවක් අභියෝගයක්ව තිබියදී මේ දක්වා ආරම්භක පිතිකරුවන් සේ ස්ථාවරව සහ අවබෝධයෙන් සිටින සුසංයෝගයම යොදවන්නට තිබිණ.නමුත් කුසල් මෙණ්ඩිස් ඊයෙ යොදාගත්තේ කඩුල්ලක් දැවුණ පසුවය.පැතුම් නිශ්ශංක සහ ධනංජය ද සිල්වා හොඳ සබඳතාවයක් ගොඩ නඟන්නට දැරූ උත්සාහය අතිශයින් වැදගත්ය.පැතුම් ලකුණු 72 ක් ලබා ගැනීමට සමත් විය.නමුත් විශාල ලකුණු පූවරුවක් ඉදිරියේ එය තරමක දුෂ්කර වැඩකි.වනිඳු හසරංග ද සිල්වා වේගවත් ප්‍රහාරයකට සූදානම් වුව ද පන්දු 7 දී ලකුණු 16 ක් පමණක් ලබා ගෙන ඔහු කඩුල්ල පූජා කළේය.ඔහුගෙන් පිත්තෙන් ද කණ්ඩායමට යමක් අපේක්ෂා කරන අතර තුන් ඉරියව් ක්‍රීඩකයෙක් සේ ඔහු පිටියට එවීමේ අපේක්ෂාවට පිටු පා නිත්‍ය පන්දු යවන්නෙක් සේ මුරලි මෙන් හැසිරෙන්නට නොහැකිය.ලකුණු ගැන ද සිතිය යුතුව ඇත.
ඒ තත්තවය අවබෝධ කර නොගන්නේනම් ඉණිමක් සැළසුම් කර ගන්නට ඉඩ තබා චාමික කරුණාරත්න ඉහළින් ගැනීම වැදගත්ය.දසුන් ශානකගේ ශතකය අති විශිෂ්ඨය.නමුත් ඒ ශතකය වෙනුවෙන් කසුන් රාජිත නොදැවී ලබා දුන් ලකුණු 09 ද ශතකයක් තරම් ය.ඔහු පන්දු 19 ක් මුහුණ දී නොදැවී සීටීම අතිශයින් වැදගත් ය.තීරණාත්මක මොහොතේදී පන්දු රකින්නන් වට කරගෙන සිටියදී ඔහු රැස් කර ලකුණ ද අතිශයින් දසුන්ගේ ශතකයට වැදගත් සම්මාදමකි.
ක්‍රිකට් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් කියා කීව ද ඉන්දියාවේදි එය සූදුවකි.ඒ ඔට්ටු ඇල්ලිම් ඉස්සරහා පමණක් නොවේය.ක්‍රීඩකයින් ක්‍රීඩා පිටියේදී ක්‍රීඩා කරන ආකාරයන්ද නිසාය.ඊයේ ද මොහොමඩ් සාමී මන්කාඩ් ක්‍රමයට දසුන්ගේ ශතකය නවත්තන්නට ගත් උත්සාහයෙන් ලෝකයක් ඉදිරියේ දැවන්ත ජයග්‍රහණයේ කීර්තිය පළුඳු කර ගත්තේය.රෝහිත් ෂර්මා ඒ ගැන කම්පාවෙන් කතා කළ ද,දසුන් දවා ගන්නට කළ ඉල්ලිම ඉවත් කර ගත්තද,ඔවුන්ට කණ්ඩායමක් හැටියට සාර්ධර්ඹ ගැන කතා කරන්නට වේලාවක් නැතිකමක් තිබෙන්නට නොහැකිය.නමුත් ඉන්දියාව යනු දිණුම මිස මනුස්ස සාරධර්ම ගැන ගැඹුරෙන් සිතන්නට කාලය නාස්ති නොකරන කණ්ඩායමක් බව පෙනෙන්නට ඇත.සියල්ල සල්ලිත්,හැකියාවත් නොවන බව දැන ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ටත් ඉන්දියාව හැකියාවට ලැබෙන්නට අවශ්‍යය පැසසුම් වෙනුවට මෙවැනි ගැරහුම් එකතු කර ගැනීම ගැන සිතා බලන්නට හොඳ කාරණාවක්ය.
ඉන්දීය පන්දු යැවීම අතින් වඩාත් බලපෑම ඇති කළේ මොහොමඩ් සිරාජ් ය.ඔහු තරගය ආරම්භයේදී පන්දු ඕවර් 5 ක් යවා ලකුණු 15 ක් පමණක් දී ශ්‍රී ලංකා ඉණ්මට ඇති කළ බලපෑම තදින්ම පරාජයට හේතුව විය.වැඩිම කඩුලුලාභියා වූයේ උම්රාන් මලික් ය.ඔහු ලකුණු 57 ට කඩුලු 3 ක් දවා ගත්තේය.


පහතින් දැක්වෙන්නේ ලකුණු පූවරුවය.
https://www.espncricinfo.com/series/sri-lanka-in-india-2022-23-1348629/india-vs-sri-lanka-1st-odi-1348643/full-scorecard

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan