ජනපති සහ දෙමළ දේශපාලන පක්ෂ අතර සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන්

Date:

ජාතික ගැටලුවට විසඳුමක් සෙවීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර ඊයේ (10) දිනයේදී පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වූ බව ටෙලෝ පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛකලනාදන් මහතා පවසයි.

උතුරු නැගෙනහිර අත්පත් කරගත් ඉඩම් ආපසු ලබාදීම, 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීම ඇතුළුව තම පාර්ශ්වයෙන් පසුගිය මාසයේදී ඉදිරිපත් කළ මූලික යෝජනා තුන සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට ආණ්ඩුවේ පාර්ශ්වය තවත් සතියක කාලයක් ඉල්ලා සිටි බවයි ඒ මහතා සඳහන් කළේ.

ඒ අනුව ජනවාරි 10, 11, 12 යන දින තුන පුරාම පැවැත්වීමට නියමිතව තිබුණු සාකච්ඡා වටය ඊයේ දිනයේදීම අවසන් වූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!