පුංචි ඡන්දයේ ඇප මුදල් භාරගැනීම තාවකාලිකව අත්හිටවූ සිදුවීම ගැන කරුණු පැහැදිලි කිරීමක්

Date:

පළාත් පාලන මැතිවරණයේ ඇප මුදල් බාර ගැනීම තාවකාලිකව අත්හිටුවන ලෙස දැනුම් දෙමින් නිකුත් කළ චක්‍රලේඛය අවලංගු කරගනු ලැබූයේ මැතිවරණ කොමිෂන් සභාව පෙර ඇති කරගත් එකඟතාවය මත ඡන්දය සම්බන්ධයෙන් නීතිපතිවරයාට ලිඛිතව කරුණු දක්වා තිබීම නිසා යැයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් පැවසීය.

ඉහත චක්‍රලේඛය නිකුත් කරනු ලැබුවේ අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයකට අනුව බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

පළාත් පාලන මැතිවරණය ආසන්නව පවතින අවස්ථාවේ දී මැතිවරණ කොමිෂන් සභාවේ බෙදීමක් පවතින බවට පළවූ අදහස සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සමග ඉකුත් සතියේදී සාකච්ඡාවක් පවත්වනු ලැබීය.

ඇති වී තිබෙන ගැටළු සම්බන්ධයෙන් නීතිපතිවරයා සමග වාචිකව හෝ ලිඛිතව කරුණු සාකච්ඡා කොට විසඳුම් ලබා ගැනීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී උපදෙස් දී තිබිණි.

එම සාකච්ඡාවේ දී ගනු ලැබූ තීරණ පිළිබඳව අමාත්‍ය මණ්ඩලය රැස් වන තෙක්ම මැතිවරණ කොමිසමේ කිසිදු ලිඛිත හෝ වාචික දැනුම්දීමක් නීතිපතිවරයා වෙත යොමු වී නොතිබුණු අතර එම තත්වය යටතේ පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් බාර ගැනීම තාවකාලිකව අත්හිටුවන ලෙසට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයට අනුව අදාළ චක්‍රලේඛය නිකුත් කෙරුණු බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඉන් පසුව මැතිවරණ කොමිසම විසින් නීතිපතිවරයා වෙත ලිඛිතව කරුණු දැක්වීම නිසා අදාළ චක්‍රලේඛය අවලංගු කරගැනීමට පියවර ගැණුන බවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා සඳහන් කළේය.

කුමන තත්ත්වයක් යටතේ වුවත් කිසිදු බෙදීමක් නැතිව එක් ස්ථාවරයක සිට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ක්‍රියා කළ යුතු බවට ජනාධිපතිවරයා මැතිවරණ කොමිසමට උපදෙස් දී ඇතැයි ද ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...