*
Monday, October 14, 2024
spot_img

Latest Posts

අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා පාපන්දු වැඩේ හරියට කරානම් දඩ නොවැදී ඉන්න තිබුණා

උස්බෙකිස්තානයේ පැවැත්වුන අවුරුදු 17න් පහල ආසියානු කුසලාන තරඟාවලියට සහභාගීවීම
පැහැර හැර ඇති බවට චෝදනා කරමින් ආසියානු පාපන්දු සම්මේලනය (AFC) විසින් ශ්‍රී ලංකාවට පනවා තිබූ ඇමරිකානු ඩොලර් 20,000 ක දඩය පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජස්වර් උමාර්ගේ මැදිහත් වීමෙන් ඩොලර් 5000 දක්වා අඩුකරගෙන ඇත. ජස්වර් උමාර් පෙන්වා දෙන්නේ මෙසේ දඩ මුදල අඩුකිරීමේදී තමා තවමත් ආසියානු පාපන්දු සම්මේලනයේ විධායක සභිකයකු ලෙස කටයුතු කිරීම මෙම සහනය ලබා ගැනීමට විශාල පිටිවහලක් වූ බව ය

ජස්වර් උමාර් ආසියානු පාපන්දු සම්මේලනය වෙත ඉදිරිපත් කරන ලද අභියාචනාවකට අනුව ආසියානු පාපන්දු සම්මේලනයේ විනය කමිටුව මගින් මෙම තීරණය ගෙන ඇත.තවද දඩ මුදලේ ඉතිරිය වූ ඩොලර් 15,000 වසර දෙකක් සදහා අත්ටුවීමටද තීරණය කර ඇත.අවුරුදු දෙකක් තුල ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් පාපන්දු තරග සදහා සහභාගී වීම පැහැර හැරියහොත් මෙම ඩොලර් 15,000ක් මුදල ගෙවීමට සිදුවනු ඇත.

උස්බෙකිස්තානයේ දී , 2022 ඔක්තෝබර් මස 5 වෙනිදා සිට 9 වෙනිදා දක්වා පැවැත්වුන මෙම තරඟාවලියට ශ්‍රී ලංකා යොවුන් පාපන්දු කණ්ඩායම සහභාගී වන බව සහතික වී තිබුනද අවසන් මොහොතේ එම සංචාරය සිඳු නොවිණ.ඒ ක්‍රිඩා පණතේ විධි විධාන සහ ජාත්‍යන්තර පාපන්දු සංගමයේ දැණුම් දීම් ද නොතකා පාපන්දු නිලවරණය නිසි ලෙස නොපැවත්වීම සහ ව්‍යවස්ථාව වෙනස් කිරීම උදෙසා පාපන්දු පරිපාලනය කටයුතු නොකිරීම නිසාය.
හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සමඟ සමීපව කටයුතු කරපු පාපන්දු පරිපාලනය ජාත්‍යන්තර තරග පවා සංවිධානය කරමින්,අමාත්‍යවරයාගේ පියාගේ කීර්තිනාමය ඉහළ නැංවීමට විශාල මුදලක් වැය කළ අතර පාපන්දු පරිපාලනයට ඇති මූල්‍යමය චෝදනා විශාල ගණනක් හමුවන්නේ ද එම තරගාවලිය සම්බන්ධයෙන් ය.ඒ නිසාම ක්‍රීඩා අමාත්‍යංශයේම පොලිස් විමර්ශනය ලබා දුන් වාර්තා පවා ක්‍රියාවට නොනැඟුණු අතර ක්‍රීඩා අමාත්‍යංශය පාපන්දු පරිපාලනයට අවශ්‍යය විදිහට හැසිරුණු අයුරක් දකින්නට ලැබිණ.
නමුත් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා තනතුරෙන් ඉවත් වූ පසු ඇති වූ තත්ත්වයේ දී අමාත්‍යංශය සහ පාපන්දු පරිපාලනය ක්‍රමයෙන් දුරස් වන්නට වූ අතර එහි ප්‍රතිපලයක් ලෙස පාපන්දු පරිපාලනයට තීන්දු තීරණ ගැනීමට ඇති ඉඩ නීතියෙන් ද හැකිළුණ පසුව ක්‍රිඩා අමාත්‍යංශය මැදිහත්ව උස්බෙකිස්තාන සංචාරය ගැන සළකා බැලුවේ නැත.ඒ නිසා පාපන්දු පරිපාලනයේ කටයුතු ඇණ හිටිය තත්ත්වයක ක්‍රීඩා අමාත්‍යංශය එම වගකීම ක්‍රීඩාව වෙනුවෙන් දැරිය යුතු අතර මේ දඩ මුදල සඳහා ක්‍රීඩා අමාත්‍යංශයද වගකීමක් දැරිය යුතුය.
ජස්වර් උමාර් දඩවලින් සහන අරගෙන දීමට කටයුතු කළත් ඔහුත් අමාත්‍යංශයත් නිසි පරිදි ක්‍රියා කළේනම් මේ දඩ මුදල් කිසිවක් ගෙවන්නට සිඳුවන්නේ නැත.මේ වන විට තව දුරටත් අමාත්‍යංශය පැත්තෙන් මේ කරුණු සැළකිල්ලට ගෙන මේ මොහොතට මුහුණ දී තමන්ට අවශ්‍යය විදිහට එය පාලනය කරන්නට ක්‍රීඩා පණත සංශෝධනය කර ඇත්තේ දීර්ඝ කාලීන අදහසක් හෝ ජාත්‍යන්තර වශයෙන් ක්‍රීඩා නීතීය පවතින ස්වභාවයන් අධ්‍යයනය කර නොවේය.ඒ තත්ත්වය ජස්වර් නොව කවුරු සිටිය ද වළක්වන්නට නොහැකි වාරණ සඳහා ඉඩ සකස් කරන තත්ත්වයක් උදා වී ඇත.
ලංකාවේ ක්‍රීඩාවට මඟ පෙන්වන්නට නියමිත ක්‍රීඩා අමාත්‍යංශයේ සිටම ඒ මොහොත කළමණාකරනය කරගන්න අණ පණත් වෙනස් කරන තත්ත්වයට පත්ව ඇත.එය හරියට ගමේ දෙපිළ බෙදී ක්‍රීඩා කරන අවස්ථාවක් ඒ මොහොතට සහ භුමියට අදාළව යම් යම් නීති පනවාගන්නවා වැනිය.ඒ අකාරයට ජාතික ක්‍රීඩා පණතත් සමඟ සෙල්ලම් කරමින් ඉන්න අමාත්‍යංශය දඩ ගෙවීම වෙනුවට ලංකාවේ පාපන්දුවට ජාත්‍යන්තර පිටියට අහිමි කරන වැඩෙත් පහසුවෙන් ඉටු කර දෙන්න ඉඩ ඇත.
ලෝකයේ ක්‍රීඩාව ලංකාවටත්,ලංකාවේ දේශපාලනයටක් වඩා ලොකුය.පාපන්දු ක්‍රීඩාවද එසේය.අමාත්‍යංශය,පාපන්දු පරිපාලනයට එන්න දඟළන අය සියල්ල සිතිය යුත්තේ එය ය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan