ආශු ගේ පෙම්වතිය වූ ආදර්ශාගේ පෙත්සම ප්‍රතික්ෂේපයි ….

Date:

හිටපු ජනාධිපති උපදේශක ආශු මාරසිංහ මහතාගේ පෙම්වතිය බව පැවසෙන කරදන ගමරාලලාගේ වගීෂා ආදර්ශා නැමැත්තිය රහස් පොලිසීය විසින් තමන් අත්අඩංගුවට ගනු ලැබුව හොත් ඇප ලබා දෙන ලෙසට ඉල්ලමින් ඉදිරිපත් කළ පුද්ගලික ඇප ඉල්ලීමට ඇප නියම කිරීම සුදුසු නොවේ යැයි තීරණය කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා එම අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරන විමර්ශනයට අදාළව නගා ඇති චෝදනාවන් ඇප ලබාදිය හැකි වැරදි බවට පෙනී යන බවත්, මේ වන විට මෙම සිද්ධියේ විමර්ණය මුල් අවස්ථාවේ නොව අවසන් වීමට නියමිතව ඇති බවත් ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා ඒ හේතුවෙන් මෙම අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලබන බවට ප්‍රකාශ කළේය.

මෙම සිද්ධියට අදාළව කරුණු ඉදිරිපත් කිරීම සදහා අධිකරණයෙන් නිකුත් කළ සිතාසියක් මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ නිලධාරීන් පෙනී සිටි අතර, අගතියට පත් පාර්ශ්වය වන ආශු මාරසිංහ මහතා වෙනුවෙන් නිතීඥ චමින්ද අතුකෝරාල මහතා සමග නිතීඥ මඩුල්ලක් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...

නාමල් සමග සජබ පොහොට්ටු පිරිසක් ඔඩිසා ප්‍රාන්තයට!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඉන්දියාවේ ආරාධනය පරිදි...