අළෙවි නොවූ ආහාර අවශ්‍යතා ඇති අයට ලබා දෙන පළමු රට බවට ප්‍රංශය පත්වේ

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 12; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ප්‍රංශය ලොව පළමු වතාවට සුපිරි වෙළඳසැල්වල අලෙවි නොවී ඉතිරිවන ආහාර ඉවත දැමීම වෙනුවට ඒවා අනිවාර්යයෙන්ම පුණ්‍යායතන සහ ආහාර බැංකුවලට පරිත්‍යාග කළ යුතු බවට නීතියක් පැනවූ රට බවට පත්ව තිබේ.

2016 සිට, වර්ග මීටර් 400 ට වැඩි වපසරියකින් යුත් සෑම වෙළඳසැල් සඳහා බලපැවැත්වෙන මෙම නීතිය මගින්, නැවුම් නිෂ්පාදනවල සිට කල් ඉකුත්වීමට ආසන්න ඇසුරුම් කළ ආහාර දක්වා පරිභෝජනයට සුදුසු මට්ටමේ පවතින සියලුම දෑ කුණු ගොඩවල්වලට දැමීම වෙනුවට අවශ්‍යතා සහිත ජනතාව වෙත යොමු කිරීම සහතික කෙරේ.

සුපිරි වෙළඳසැල් මෙම නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම්, ඔවුන්ගේ කළමනාකරුවන්ට යුරෝ 3,750 දක්වා දඩ නියම කළ හැකි ලෙස ප්‍රතිපත්ති සකසා ඇති අතර, ආහාර බෙදා හැරීම විධිමත් කිරීම සඳහා අදාළ පුණ්‍යායතන සමඟ නිල ගිවිසුම් ඇති කර ගැනීම ද වෙළඳසැල් හිමියන්ට අනිවාර්ය කර ඇත.

මෙම ක්‍රමවේදය හරහා ආහාර අපතේ යාම සැලකිය යුතු ලෙස අඩු වී ඇති අතර, ආර්ථික දුෂ්කරතා අත්විඳින පුද්ගලයින්ට මිලියන ගණනක් ආහාර බෙදා හැර ඇති අතර, ඒ සමඟම ගොඩකිරීම් වලට එකතු වන ආහාර අපද්‍රව්‍ය ප්‍රමාණය ද අඩු වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර පළාතට අධික වර්ෂාවක් : කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව ආසන්නයේ...

OHCHR ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා...

දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

කොළඹ LNW:දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු...

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...