පේරු ජනපතිනිය,අගමැතිනිය ඇතුළු සිව් දෙනෙකුට ජන සංහාර චෝදනා….

Date:

පේරු රාජ්‍යයේ ජනාධිපතිවරිය, අග්‍රාමාත්‍යවරයා ඇතුළු රාජ්‍ය බලධාරීන් සිව් දෙනෙකුට එරෙහිව ජන සංහාර චෝදනා එල්ල වී තිබේ.
ඒ ඊයේ (10) ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයින් 18 දෙනෙකු මිය යාමත් සමග ය.

මේ හේතුවෙන් එරට නීති පද්ධතිය මගින් මෙම රාජ්‍ය බලධාරීන් සිව් දෙනාට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊයේ (10) විරෝධතාකරුවන් හූලියාකා නගරයේ ගුවන්තොටුපොළට අනවසරයෙන් ඇතුළුවීමට උත්සහ කිරීමේදී ගැටුම් උත්සන්න වී තිබේ.

එහිදී රජය විසින් සිය ආරක්ෂක අංශ සිදුකළ ප්‍රහාර සාධාරණීකරණය කර තිබුණ ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කාර්යාලය පවසා ඇත්තේ මේ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මල නොතලා රොන් ගැනීමේ කලාව

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 01, කොළඹ LNW: සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ක්‍රියාත්මක...

ඉන්ධන මිල සංශෝධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 31, කොළඹ LNW : සැප්තැම්බර්...

එජාපයෙන් සමඟියට ගිය අයගේ තහනමත් ඉවතට – පක්ෂ සම්මේලනයත් සිරිකොතෙන් පිටට!

කොළඹ LNW:එක්සත් ජාතික පක්ෂයෙන් සමඟි ජන බලවේගයට ගිය අයට...