G7 බලශක්ති අර්බුද කළමනාකරණය කර තෙල් සංචිත මුදාහැරීමට යයි!

රෂිකා හෙන්නායක මාර්තු 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය ගැටුම් හේතුවෙන් තෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ යාම පාලනය කිරීමට G7 රටවල් සහ ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය එක්ව ඉතිහාසයේ විශාලතම තෙල් සංචිත ප්‍රමාණය වෙළඳපොළට මුදාහැරීමට තීරණය කර ඇත.

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන සැපයුම් අඩාල වීම නිසා බැරල් මිලියන 300ත් 400ත් අතර ප්‍රමාණයක් මෙලෙස නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

මෙම පියවර මගින් වෙළඳපොළ මිල තාවකාලිකව ස්ථාවර වුවද, මෙය කෙටිකාලීන විසඳුමක් පමණක් වන බව බලශක්ති විශේෂඥයන් පෙන්වා දෙයි.

විශේෂයෙන්ම, මෙම සංචිත ප්‍රමාණය ලෝකයේ දින කිහිපයක පරිභෝජනයට පමණක් සෑහෙන බැවින් සංචිත හිස් වීම බරපතල අවදානමක් ලෙස ඔවුහු හඳුනා ගනිති.