කඩුවෙල වෙඩිතැබීමක්. අයෙක් මරුට !

කඩුවෙල, කොරතොට ප්‍රදේශයේදී ඊයේ (10) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් යතුරුපැදියකින් පැමිණි නාඳුනන දෙදෙනෙකු කොරතොට ප්‍රදේශයේ පුද්ගලයකු පැහැරගෙන ගොස් ඔහුට වෙඩිතබා ඇති බව සඳහන්.

වෙඩිවැදීමෙන් බරපතළ තුවාල ලබා සිටි ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ 34 හැවිරිදි අයෙකි.

RN