ශ්‍රී ලංකා ක්‍රිකට් නොවන්නට පාසල් ක්‍රිකට් ක්‍රිඩා කළ නොහැකි තැනකට පත්වෙන්න තිබුණා – පාසල් ක්‍රිකට් සංගම් සභාපති

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 11 කොළඹ (LNW): “පාසල් 875 ක බාලක ක්‍රිකට් තිබෙනවා.බාලිකා පාසල් 90 ක් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිස සිටිනවා.පාසල් ක්‍රිකට් පවත්වාගෙන යාමට අපහසුවට පත්වීම වළක්වන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් වැය කර තිබෙන රුපියල් මිලියන 2000 ක පමණ මුදල නොවන්නට බොහෝ පාසල් ක්‍රිකට් ක්‍රීඩා නොකළ හැකි මට්ටමෙන් දැඩි දුෂ්කරතාවලට පත් වෙන්න තිබුණා.” යනුවෙන්ද පාසල් ක්‍රිකට් සංගම් සභාපති සහ කොළඹ රාජකීය විදුහල්පති තිලක් වාත්තුහේවා පවසනවා. ඔහු මාධ්‍ය හමුවේ මෙසේ අදහස් දැක් වූයේ,ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති, ලංකා ක්‍රිකට් වෙතින් පාසල් 22 ට සහ දිස්ත්‍රික් හතරකට සවයංක්‍රීය පන්දු යැවීමේ උපකරණ පිරිනමන අවස්ථාවට එක්වෙමින්.


පිරිනමන ලද යන්ත්‍රවලට ස්වයංක්‍රීයව පන්දු 28 ක් යොමු කිරිමේ හැකියාව ඇති අතර මෙම යන්ත්‍ර සමඟ පුහුණු පන්දු 36 ක් සමඟ පන්දු බෑගයක් ද පිරිනැමීම සිඳු වුණා.


මිලියන 1.3 ක් පමණ වන යන්ත්‍රයක මිල හා සසඳද්දී මේ සඳහා වැය කර තිබෙන මුදල ලක්ෂ 400 ක් පමණ වන අතර මීට පෙර ද පන්දු යැවීමේ යන්ත්‍ර 18 ක් ලබා දී තිබෙන බැවින් පන්දු යැවීමේ යන්ත්‍ර සඳහා මේ වන විට ලක්ෂ 500 ක පමණ මුදලක් වැය කර තිබෙන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් හරහා වාර්තා වෙනවා.බෙදා දී ඇති යන්ත්‍ර 44 න් 40 ක් ම අනාගත ක්‍රිකට් ආයෝජන ලෙස සැළකිය හැකි පාසල් වෙත ප්‍රදානය කිරීමට කටයුතු කර තිබෙනවා. එයින් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව පවත්වාගෙන යාමට විශාල සහයෝගයක් ලැබෙන බවත් ඒ සම්බන්ධයෙන් ශම්මි සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට විධායක කමිටුවට පාසල් සංගමයේ විශේෂ ස්තූතිය හිමි විය යුතු බවත් මෙහිදී පාසල් ක්‍රිකට් සංගම් සභාපතිවරයා තව දුරටත් ප්‍රකාශ කළා.
මෙම අවස්ථාවට අදාළ අනුග්‍රහයන් ලබා ගැනීම වෙනුවෙන් පාසල් ක්‍රිකට් කණ්ඩායම්වල නායකයින් සහ විදුහල්පතිවරුන් එක් ව සිටි අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් සභාපති ශම්මි සිල්වා,උප සභාපති ජයන්ත ධර්මදාස සහ විධායක කමිටු සාමාජිකයෝ ද එක්ව සිටියහ.


පන්දු යැවීමේ යන්ත්‍ර පරිත්‍යාගයන් ලෙස ලද දිස්ත්‍රික්ක වන්නේ රත්නපුර,මාතර,කුරුණෑගල සහ බදුල්ලයි.ඊට අමතරව පහත සඳහන් බාලක සහ බාලිකා පාසල් සඳහා ද වේග පන්දු යැවීමේ යන්ත්‍ර පරිත්‍යාග කිරීම සිඳු වුණා.


රාජකීය විද්‍යාලය කොළඹ,ඩී.එස්.සේනානායක විද්‍යාලය කොළඹ,ඉසිපතන විද්‍යාලය කොළඹ,ලුම්බිණි විද්‍යාලය කොළඹ,මොරටු විද්‍යාලය.ධර්මපාල විද්‍යාලය පන්නිපිටිය,ද මැසනද් විද්‍යාලය කදාන,ශාන්ත අන්තෝනි විද්‍යාලය වත්තල,ගුරුකුල විද්‍යාලය කැළණිය,රත්නාවලී බාලිකා විද්‍යාලය ගම්පහ,ජෝෂප්වාස් විද්‍යාලය වෙන්නප්පුව,ශාන්ත සෙබස්තියන් විද්‍යාලය කටුනේරිය,මලියදේව විද්‍යාලය කුරුණෑගල,ශාන්ත ආනා විද්‍යාලය කුරුණෑගල,ශාන්ත අන්තෝනි විද්‍යාලය කටුගස්තොට,ධර්මරාජ විද්‍යාලය මහනුවර,ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය මහනුවර,දේවපතිරාජ විද්‍යාලය රත්ගම,ශාන්ත තෝමස් විද්‍යාලය මාතර,ධර්මාශොක විද්‍යාලය අම්බලන්ගොඩ,ශාන්ත අලෝසියස් විද්‍යාලය ගාල්ල සහ හොලික්‍රොස් විද්‍යාලය කළුතර.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෙංගාල බොක්කේ නව අඩුපීඩන කලාපයක් නිර්මාණය වීමේ ලකුණු – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නොවැම්බර් 22 දින පමණ වනවිට ගිනිකොණදිග...

විෂ මත්ද්‍රව්‍යට එරෙහිව ජනපති අනුරගේ දැවැන්ත රැලිය අද තංගල්ලේදී

සටහන - රුවන් නෙළුගොල්ල විෂ මත්ද්‍රව්‍යට එරෙහි "රටම එකට" ජාතික...

හිටපු ජනපති රනිල්ට ඉහළ අධිකරණයක නඩු – නීතිපති දැනුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල 2023 වසරේදී ලන්ඩනයේ සිදුකළ සංචාරයක් සඳහා...