වැටුප් ප්‍රශ්නයක් දුරදිග ගිය Port Moresby

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 11 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Port Moresbyහි ඇති වූ විරෝධතා සහ නොසන්සුන්තාවයෙන් පසු පුද්ගලයින් කිහිපදෙනෙකු මිය ගොස් ඇති බවට සැක පළ කෙරේ, Port Moresby පැපුවා නිව්ගිනියාවේ අගනුවරද වේ.

මෙහිදී වැටුප් ආරවුලක් මත සිය ගණනක් පාරට බැසීමත් සමග සාප්පු සහ මෝටර් රථ ගිනි තබා සුපිරි වෙළඳසැල් කොල්ලකා ඇති අතර , එරට අගනුවර දිස්ත්‍රික් ආණ්ඩුකාර Powes Parkop පවසා ඇත්තේ මෙම විරෝධතා අවස්ථාවාදීන් විසින් සිදු කර ඇති බවයි.

රජය හමුදාව යොදවා ගනිමින් සාමය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ආණ්ඩුකාර Powes Parkop මිය ගිය සංඛ්‍යාවක් පිළිබඳව අදහස් නොදැක්වූවත් සමහරුන්ට කණගාටුදායක ලෙස ජීවිතය අහිමි වී ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, තම වැටුප 50% දක්වා අඩු කර ඇති බව දැන ගැනීමෙන් පසු පොලිසිය සහ අනෙකුත් රාජ්‍ය සේවකයින් එරට පාර්ලිමේන්තුවෙන් පිටත විරෝධතා වැඩ වර්ජනයක් පැවැත්වීමෙන් පසු මෙම නොසන්සුන්තාව ඇතිවූ බවයි.

පරිගණක දෝෂයක් හේතුවෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් චෙක්පත් වලින් ඩොලර් 100 කින් පමණ අඩු වී ඇති බවත්, විරෝධතාකරුවන් ප්‍රකාශ කළ පරිදි රජය බදු වැඩි නොකරන බව අගමැති James Marape පවසා අති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, Port Moresby හි ජනගහනය 400,000 පමණ වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...

2026 වසර සඳහා ජාතික විභාග 7ක්!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : මේ වසරේ පැවැත්වෙන...

“සනා මාමා” හෙවත් සනත් බාලසූරි ආරච්චිගේ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ඊයේ (09) රාත්‍රී...

නාසා හි Curiosity Rover මවන අඟහරුගේ විශ්මයජනක දර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නාසා හි...