*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

කුහකයෝ කන්නේ බොන්නේ නැති වුණාට අපි කනවා බොනවා – නැව් සාදයේ චෝදනාවට රාජ්‍ය ඇමතිගෙන් ප්‍රතිචාර!

කොළඹ LNW:වරාය අධිකාරියේ වියදමින් මන්ත්‍රීවරු 50කට පමණ වරාය සහ සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතාගේ මැදිහත්වීමෙන් නැව් සාදයක් පැවැත්වීම ගැන ඊයේ (10) මාධ්‍ය කරුණු අනාවරණය කර තිබුණි.

ඒඅනුව අද (11) දින රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවක් කැඳවමින් ඊට ප්‍රතිචාර දක්වන ලදී.

රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ එය නිරීක්ෂණ චාරිකාවක් වන අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටද ආරාධනා කළ බවයි.

මේ අතර එම අවස්ථාව වීඩියෝ ගතකළ තැනැත්තා ගැන පරීක්ෂණයක් සිදුකරන ලෙසද වරාය සභාපතිවරයාට දැනුම් දුන් බවයි ජයසේකර මහතා පැවසුවේ.

”පහුගිය කාලයේ අරගල කරලා මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තියපු අය තමයි මේ කුමන්ත්‍රණය කළේ. වරාය සභාපතිවරයට දැනුම් දුන්නා මේ වීඩියෝ ගතකල කෙනා ගැනපරීක්ෂණයක් කරන්න කියලා. වෘත්තීය සමිති පුම්බන්න මේ වැඩ කරන්න රතු අයියලාට කියනවා කුහකයෝ කන්නෙ බොන්නේ නැති වුනාට අපි කනවා බොනවා. මේවා පල කළ මාධ්‍ය මේවාගේ සත්‍ය අසත්‍ය හොයලා බලන්න ඕන. අවසරයක් නැතිව උඩට ඇවිත් වීඩියෝ කරලා තියෙන්නේ. අපි හදුනාගෙන තියෙනවා කව්ද මේක කරලා තියෙන්නේ කියල. ඔහුගේ සේවයත් අත් හිටුවන්න තීරණය කළා. මේ ආකාරයෙන් මුදල් ගෙවලා යන්න සංචාරකයින්ටත් අවස්ථාව ලබාදෙන්න කටයුතු කරනවා. සම්පූර්ණ වියදම ලක්ෂ තුනක් විතර. මන්ත්‍රීවරුන් ඉල්ලපු දෙයක් මම කළේ. අහක යන කුණු ගොඩක් මට පාත් වුණේ.” යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan