පෙබරවාරි මස 19 දිනට පෙර පිරිවෙන් හා පාසල් සිසුන්ට අවශ්‍ය නිල ඇඳුම්

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 11 කොළඹ (LNW): ලබන පෙබරවාරි මස 19 දිනට පෙර පිරිවෙන් හා පාසල් සිසුන්ට අවශ්‍ය නිල ඇඳුම් සඳහා රෙදි ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම සමස්ත පාසල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවෙන් 80%ක ප්‍රමාණයක් ලබා දෙන්නේ චීන රජයේ ප්‍රදානයක් ලෙස බව අමාත්‍යාශය සඳහන් කරයි.

2023 වර්ෂයේ ද 50%ක ප්‍රදානයක් ලබා දීමට චීනය මුලින් එකඟ වී සිටි අතර පසුව එය 70%ක් දක්වා වැඩි කර ලබා දුන් බවත් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ.

අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවෙදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ, නිල ඇඳුම් සඳහා ලබා දෙන ප්‍රමාණය චීනය විසින් මෙලෙස ඉහළ දමා ඇත්තේ අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත බවයි,

අද (11) දින නිල වශයෙන් ‍,මෙරට චීන තානාපති ෂී ෂැං හොං මහතා විසින් චීන ප්‍රදානයේ පළමු පාසල් නිල ඇඳුම් රෙදි තොගය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාටඅධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී භාර දී ඇති බවද සඳහන් වේ.

මෙම ප්‍රදානයෙන් මීටර් මිලියන 5.8ක පළමු නිල ඇඳුම් රෙදි ප්‍රමාණය, මේ වන විට මෙරටට ලැබී ඇති අතර දෙවැනි තොගය පෙබරවාරි 04 වන දා වන විට ලැබී අවසන් වනු ඇති බවද වැඩිදුරටත් අමාත්‍යාංශය දන්වා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (30) දවසේ කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී සබරගමුව, මධ්‍යම...

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීපව්‍යාප්ත වර්ජනයකට දින නියම කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල සෞඛ්‍ය අමාත්‍යාංශය අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කිරීමට...

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා අත්අඩංගුවට...