*
Friday, May 3, 2024
spot_img

Latest Posts

එළඹෙන ජනාධිපතිවරණයෙන් රනිල්ව ජනාධිපති කරනවා හැර විකල්පයක් රටට නැහැ!

කොළඹ LNW:ජාතික නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අතර ඔහුව ජයග්‍රහණය කරවීම හැර විකල්පයක් නැති බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසුවේය.

එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව රැස් වී එජාප අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා බවට අවසන් තීරණයක් ගෙන තිබෙන හෙයින් ඊට අදාළව රට පුර ප්‍රචාරණ කටයුතු ආරම්භ කරන බවයි රත්නප්‍රිය මහතා සඳහන් කළේ.

ඒ අනුව එහි පළමු වැඩසටහන එළඹෙන 13 වැනිදා ගාල්ලෙන් ආරම්භ කරන බව ඔහු කියා සිටියේය.

ගාල්ල,කළුතර,රත්නපුර දිස්ත්‍රික් රැස්වීම් පවත්වා එම කටයුතු රට පුරා ගෙන යාමට කටයුතු කරන බවද රත්නප්‍රිය මහතා සඳහන් කළේය.

”විවිධ ජනාධිපති අපේක්ෂකයන්ගේ නම් ඉදිරිපත් වෙනවා. ඒ අතරතුරේ මම දැක්කා දිලිත් ජයවීර මහත්මයා අනුර කුමාර දිසානායක මහත්මයාට විවාදයකට ආරාධනා කරලා තිබෙනවා. ඒකට අනුර කුමාර කියන්නේ ප්‍රාදේශීය සභාවකවත් හිටපු නැති කෙනෙක් එක්ක මම විවාදකට යන්නේ නැහැ කියලයි. ඒ වගේම කංචන විජේසේකර විවාදයකට කතා කරපුවහම කියනවා මම වසන්ත සමරසිංහ හරි වෙන කවුරුහරි එවන්නම් කියලා. එතකොට දිලිත් ජයවීරට කරන තර්කය කංචනට අදාළ නෑනේ. අනුර කුමාර කොහොමද වැටුණු රට ගොඩ ගන්නේ කියන එක සම්බන්ධ සහ ආර්ථික ප්‍රතිපත්ති ගැන තව මිනිහෙක් එක්ක වාද කරන්නට බැහැ. කවුරුත් නැති තැනක පාරම් බාන්න පුළුවන්. හැමෝම කියන්නේ දැන් කයිය දිසානායක කියලනේ. ඒක එක පැත්තකින් බැලුවොත් ඇත්ත කියලා තේරෙනවා. මිනිරන් වලින් ගැෆයිට් හදලා. පරණ වාහන හදලා,ඩොලර් ගේන්න පුළුවන් කියපු කෙනෙක් තමයි අනුර කුමාර කියන්නේ. අපේ රටේ විදේශවල ඉන්න රැකියා කරන අයගෙන් ඩොලර් පන්සියයක් දාහක් ඉල්ලපන් ඒ අය දෙනවයි කියලා කියපු නායකයෙක් තමයි අනුර කියන්නේ. සියයට අසූවක් රටෙන් පිට රැකියා කරන අයට ඩොලර් 300 වගේ වැටුපක් තමයි ලැබෙන්නේ. මල්ලි පන්සීයක් දෙන්න,මල්ලි දාහක් දෙන්න කියපුවම එයාලට ඒක දෙන්න හැකියාවක් නැහැ. එවැනි විහිළු කතා කියන කෙනෙකුට තව කෙනෙක් එක්ක වාද කරන්නට බැහැ.

ඒ නිසා රනිල් වික්‍රමසිංහ කියන්නේ ජාතික නායකයා විදියට ජනාධිපතිවරණයට එනවා. ඔහු ජනාධිපති කරනවා හැරෙන්න වෙන විකල්පයක් නැහැයි කියන එක පැහැදිලිව කියන්නට අවශ්‍යයි. දැන් ඩලස් කියනවා,අපි විපක්ෂයට පාලමක් හදන්න උත්සාහ කළා ඒක අසාර්ථක වුණායි කියලා. ඉතින් අසාර්ථක වෙන එක අහන්න දෙයක් නෑ. සජිත් ප්‍රේමදාස වගේ නායකයෙක් විපක්ෂ නායක වෙලා ඉද්දි ඒක සිද්ධ වෙනවා. පාර්ලිමේන්තුවේ මයික් එක ඔන් කරගන්න, ටීවී එකට පොරකන නායකයෙක් කොහොමද අනිත් පිරිස එකතු කරගන්නේ කියන එක ප්‍රශ්නයක් තමයි. ඒ නිසා ආසයි බයයි ඉන්න සජිත් ප්‍රේමදාසට ජනාධිපතිවරණයේදී විකල්පයක් වෙන්න හැකියාවක් නැහැ කියන එක අපිට තේරෙනවා.” යනුවෙන් සමන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඔහු මෙම අදහස් පළකර සිටියේ අද (11) සිරිකොත එජාප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan