ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:දුෂණ චෝදනාවක් එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සහ ඔහුගේ පෞද්ගලික ලේකම් පෞද්ගලික ලේකම් සුමතිපාල ලියනාරච්චි එළඹෙන 10 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
ඔවුන් අද (06) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
රුපියල් ලක්ෂ 81ක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් සහ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් උක්ත නියෝගය නිකුත් කළේය.


