හේලීස් සත්ව සෞඛ්‍ය අංශය ජාත්‍යන්තර ප්‍රමිති සහතික රැසකින් පිදුම් ලබයි

Date:

හේලීස් සත්ව සෞඛ්‍ය අංශය (Hayleys Animal Health) විසින් ස්ථාපනය කරන ලද පශු වෛද්‍ය ඖෂධ සහ සත්ව ආහාර අතිරේක නිෂ්පාදන කර්මාන්තශාලාව ජාත්‍යන්තර ප්‍රමිති සහතික රැසක් දිනාගැනීමට සමත් වී තිබේ.

ISO 9001:2015, ISO 14001:2015, ISO 22000:2018, ISO 45001:2018, HACCP, සහ GMP ප්‍රමිති සහතික ඔවුන්ට හිමිව ඇත.

මෙම ප්‍රමිති සහතික සමඟින් සිය නිෂ්පාදනයන්හි තත්ත්ව කළමනාකරණය, පාරිසරික තිරසාරත්වය, ආහාර සුරක්ෂිතතාව, වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂාව තහවුරු කිරීම සහ නිෂ්පාදන පිළිවෙත්වල ඉහළම ප්‍රමිතීන් ආරක්ෂා කිරීම හේලීස් සත්ව සෞඛ්‍ය අංශයෙහි අරමුණ වී තිබේ.

ශ්‍රී ලංකාවේ සත්ව සෞඛ්‍ය කර්මාන්තය සඳහා නිරතුරුවම ආරක්ෂිත, ඵලදායි සහ තිරසාර විසඳුම් සැපයීම සඳහා හේලීස් සත්ව සෞඛ්‍ය අංශය (Hayleys Animal Health) දරන උත්සාහය සහ කැපවීම මෙම ප්‍රමිතිකරණය තුළින් මනාව පිළිබිඹු වන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ප්‍රමිති සහතික ප්‍රදානෝත්සවය, හේලීස් සමාගමෙහි (Hayleys PLC) විධායක අධ්‍යක්ෂිකා සහ හේලීස් ඇග්‍රිකල්චර් සමූහයෙහි (Hayleys Agriculture Holdings Limited) කළමනාකාර අධ්‍යක්ෂිකා ජයන්ති ධර්මසේන, හේලීස් ඇග්‍රිකල්චර් සමූහයෙහි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ලුෂාන් අබේසේකර, හේලීස් ඇග්‍රිකල්චර් සමූහයෙහි අධ්‍යක්ෂ සහ හේලීස් සත්ත්ව සෞඛ්‍යය අංශයෙහි සාමාන්‍යාධිකාරී පශු වෛද්‍ය සුසන්ත මල්ලව ආරච්චි, හේලීස් සත්ව සෞඛ්‍ය අංශයෙහි පර්යේෂණ, සංවර්ධන සහ නව ව්‍යාපෘති කළමනාකරු පශු වෛද්‍ය චතුර ප්‍රියදර්ශන, සහ සමූහයෙහි අනෙකුත් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා සපුගස්කන්දේ පිහිටි එම නිෂ්පාදන කර්මන්තශාලාවේදී උත්සවත්ශ්‍රියෙන් පවත්වන ලදී.

ජාත්‍යන්තර සහතික කිරීමේ ආයතනය නියෝජනය කරමින්, ඕස්ට්‍රේලියාවේ Business Certification Systems ආයතනයෙ හි අධ්‍යක්ෂ සෑම් ප්‍රනාන්දු මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූයේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩයනා අධිකරණයට එයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 25, කොළඹ LNW: අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු...

රනිල් වික්‍රමසිංහට ‘දැඩි විවේකයක් අවශ්‍ය යි’: උසාවි යන්න පුළුවන් ද? ඇප ලබා ගත හැකි ද?.

කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති...

ආන්දෝලනාත්මක යාපනයේ විද්‍යා දැරියගේ ඝාතන සිද්ධියේ විත්තිකරුවන්ගේ අභියාචනා විභාගයට දින දෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 25, කොළඹ LNW: යාපනයේ සිවලෝගනාදන් විද්‍යා නමැති...

අගමැතිනිය ඇතුළු ඇමතිවරු 45ක් පාර්ලිමේන්තු ඉන්ධන දීමනාව එපා කියයි!

කොළඹ LNW:අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන්...