එකට සේවය කළත් පරිස්සමින්…

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ (LNW):

විජයකටුපොත, හලාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙකු, ඝාතනය කර ඇති බව වාර්තා වේ.

ඔහු මුන්දලම, බත්තුළුඔය ප්‍රදේශයේ පොල්තෙල් නිෂ්පාදන ආයතනයක ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය කර ඇති අතර , ඔහු ඒ තුළම මිය ගොස් සිට ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ. අදාළ ඝාතනය සම්බන්ධයෙන් ඊයේ (11) අලුයම් කාලයේදී  මුන්දලම පොලීසියට තොරතුරක් ලැබී තිබුණි. මරණකරු පසුගිය 10 වන දින රාත්‍රී රාජකාරි නිරතව සිට ඇති බවත් පසුදින උදෑසන ආයතනයේ සේවකයින් පැමිණීමේදී මොහු හිසෙහි තුවාල සහිතව මියගොස් සිට ඇති බවත්, එහිදී අනාවරණය වී ඇත.

ආයතනයේ හිමිකරු විසින් මුන්දලම පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබුණේ, එම ආයතනයේ සේප්පුවක තිබු රුපියල් ලක්ෂ 14 කට ආසන්න මුදලක් කොල්ලකා ඇති බවයි. පසුව, මුන්දලම පොලිස් ස්ථානයේ හා පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශයෙන් අනතුරුව මෙම අපරාධයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.බත්තුළුඔය ප්‍රදේශයේදී එම සැකකරු ඊයේ සවස් කාලයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවෙදී අදාළ සැකකරු සන්තකයේ තිබී සේප්පුව කඩා කොල්ලකන ලදැයි සැකකරන රුපියල් 141,000ක මුදලක් ද පොලීසිය විසින් සොයා ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37ක් වන බත්තුළුඔය ප්‍රදේශයේ පදිංචි එම ආයතනයේම සේවකයෙකු බව පොලීසිය පවසන අතර, මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව පශ්චාත් මරණ පරික්ෂණය සඳහා පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පැවසේ. වැඩිදුර විමර්ශන මුන්දලම පොලීසිය සිදුකරන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිවයින පුරා විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන සවිකර දෙන්නැයි ඇමති විජිත චීනයෙන් ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල චීනය ඇතුළු ලෝක රථවාහන වෙළඳපලෙන් ශ්‍රී...

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...