හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අභාවප්‍රාප්ත වේ

සටහන – රුවන් නෙළුගොල්ල

කළුතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තුවරයකු සහ අමාත්‍යවරයකු වූ ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා ඊයේ (11) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 98 වැනි වියේ පසුවූයේය.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ඒ මහතා 1977 සිට 1993 දක්වා වසර 17ක් පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත.

එම කාලය තුළ ඔහු කළුතර දිසා අමාත්‍ය, පොල් කර්මාන්ත හා විවිධාංගීකරණ අමාත්‍ය යන තනතුරු දරා ඇත.

ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා හොරණ ආසනයෙහි සංවර්ධන කටයුතු සඳහා ප්‍රබල දායකත්වයක් ලබාදුන් දේශපාලනඥයකු ලෙස සැලකේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking : දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය සමඟ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට!

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටි ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ...

PSTA සහ OCA පනත්වලට එරෙහිව ජන අරගල ව්‍යාපාරයෙන් විරෝධතාවක් – පාර්ලිමේන්තුවේ පිවිසුම අසලටම යයි (PHOTOS)

කොළඹ LNW:රජය විසින් ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...

මතභේදාත්මක ඖෂධ ප්‍රසම්පාදන කැබිනට් පත්‍රිකාව රනිල්ගෙන් ලැබුණු බවට කෙහෙළිය කියයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW: ආන්දෝලනාත්මක හදිසි ඖෂධ මිලදී...