ලොස් ඇන්ජලිස් හි අද තත්වය; මියගිය සංඛ්‍යාව 16 දක්වා ඉහල යයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 12; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලෝකයම කම්පා කරමින් ඉතිහාසයේ මරන්තිකම ලැවූ ගින්න කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් හරහා මේ වන විටත් ඉතා සීග්‍රයෙන් ඇවිල යමින් පවතින අතර එක්සත් ජනපද ජාතික කාලගුණ සේවය (NWS) විසින් තීරණාත්මක ලැව්ගිනි කාලගුණික තත්ත්වයන් නිවේදනය කර තිබේ.

පවතින වියලි අධික සුළං සහිත අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ගින්න වැඩ වඩාත් ව්‍යාප්ත වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,

ඝන විෂ සහිත දුමාරය හේතුවෙන් බලධාරීන් මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇති අතර ලැවූ ගින්න හේතුවෙන් සිදුව ඇති දේපල හානිය ඩොලර් බිලියන 135 සිට ඩොලර් බිලියන 150 ලෙස ගණන් බලා ඇත.

මේ වන විට පුද්ගලයන් 16 දෙනෙකු මියගොස් 13 දෙනෙකු අතුරුදන්ව ඇති අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහල යා හැකිබව වාර්තා වන අතර ලොස් ඇන්ජලිස් ප්‍රදේශ පුරා ඉවත් කිරීමේ නියෝගයන් ක්‍රියාත්මක වෙමින් පවතියි. මේ වන විට පදිංචිකරුවන් 153,000ක් ආරක්‍ෂිත ස්ථාන කරා යොමුකර ඇති අතර තවත් 166,000 පදිංචිකරුවන්ට ඉවත් කිරීමේ හදිසි නියෝග නිකුත් කර තිබේ.

මේවන විට ලැවුගිනි හතරක් ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර Palisades ගින්න හේතුවෙන් අක්කර 23,654 ක් විනාශ වී ඇති අතර ගිනි නිවන භටයන් විසින් එය 11% කින් පාලනය කර ඇත. මිට අමතරව දෙවන විශාලතම ලැවූ ගින්න වශයෙන් සැලකෙන පැසඩෙනා අවට නගරයේ උතුරේ ඊටන් ගින්න හේතුවෙන් මේවන විට අක්කර 14,118 ක් පමණ විනාශ වී ඇති අතර එම ගින්න 15%කින් මැඩ පවත්වා ඇත. කෙනත් ගින්න අක්කර 1,052ක් දක්වා ව්‍යාප්ත ව ඇති අතර එය 90%කින් පාලනය කර ඇති අතර හර්ස්ට් ගින්න හේතුවෙන් අක්කර 799ක් විනාශ වී ඇති අතර එය 76%කින් පාලනය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුද්ධමය තත්ත්වය හමුවේ ආනයනය කරන ඉන්ධනවල මිල ගණන්වලට කුමක් වේවිද?

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : ඊශ්‍රායල සහ ඉරාන...

තායිලන්තයේ දවසේ අස්වැන්න රන් දෙකයි රිදී එකයි – මධුෂානිගෙන් හොඳම දක්ෂතාවය

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: තායිලන්ත තාමාසාට් සරසවි ක්‍රීඩාංගණය...

ඇමෙරිකාවෙන් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ප්‍රහාර.!

අශෝක ජයතුංග ජූනි 22 වොෂින්ටන් LNW : 🍎ඇමෙරිකාව ඇතුලෙන්ම ඊට විරෝධය...

ජනතාවගේ ජනවරම අවජාතක කළා නම් සුජාත පුත්තු උපදිනවා කියලා හිතන්න එපා – ඇමති TB

ජාතික ජන බලවේගය ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවා ඇත්තේ පොහොට්ටුව,...