කොළඹ ක්‍රීඩා සමාජ වලට බදු බර පැටවීමට පෙර..

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 12 ,(LNW)කොළඹ :

කොළඹ නගරබද ක්‍රීඩා සමාජ වලින් අධික බදු මුල මුදල් අයකර ගැනීමට සැලසුම් කර ඇති බව දැනගන්නට ලැබී ඇත. හිටපු රජය විසින් ගෙන ඇති මෙම තීරණය පවතින රජය විසින් ක්‍රියාවට නැංවුවහොත් විශාල ක්‍රීඩා සමාජ ගණනක් නඩත්තු කිරීමට නොහැකිව වසා දැමීමට සිදු වීමේ අවධානමක් ද පැන නැගෙනු ඇත. මෙම ප්‍රවෘත්තියේ සත්‍යතාවය වඩාත් හොඳින් තහවුරු කර ගැනීමට නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍යවරයාව සම්බන්ධ කරගන්නට ක්‍රම කිහිපයකින්ම උත්සාහ කළ ද , ඔහු ජාතික ජන බලවේගය වැඩ කර වැඩසටහන් කිහිපයක් සමග කාර්යබහුල වී සිටි බැවින් සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

කොළඹ නගරය තුළ තිබෙන මිල අධිකම භූමි ප්‍රදේශවල පවත්වාගෙන යන මෙම ක්‍රීඩා සමාජ වලින් දැනට අය කරන මුදලම අයකර ගතයුතුය යන්න අපේ තර්කය නොවන්නේය . එහෙත් එම ක්‍රීඩා සමාජ හරහා ක්‍රියාත්මක ක්‍රීඩාවන්වලින් ජාතික මට්ටමට සේවය ඉමහත්ය. එය ගමේ නගරයේ බොහෝ දක්ෂයන්ට සිය ක්‍රීඩාවෙන් පෙරට එන්නට මඟ සකස් කරන්නේය.

ඒ නිසා මේ කාරණයේදී රට ලෝකයට ගෙන යන ක්‍රීඩාවන්ට ක්‍රියාත්මක විය නොහැකි ලෙස බාධා පැමිණවීම රටට කරන බලවත් අසාධාරණයක් බව අපේ අදහසය.

එසේම මෙම ක්‍රීඩා සමාජ දරා ගත හැකි බදු මුදලක් යටතේ නඩත්තු කිරීම සඳහා ඔවුන් සමග වන සාකච්ඡා මාර්ගයකින් විසඳුමක් ලබා ගැනීම වඩාත් යහපත් බව අපේ අදහසය. ඒ සාකච්ඡාවට පෙර මේ ක්‍රීඩා සමාජවල ක්‍රියාකාරීත්වය ගැන ද අවධානය යොමු කළ යුතුය. එම ක්‍රීඩා සමාජ හරහා ක්‍රියාත්මක වන ක්‍රීඩා සමාජ වලින් ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට ලැබෙන අත්වැල ගැන මෙන්ම ඒ ඒ ක්‍රීඩාවන්ට අදාළව ඔවුන් ක්‍රියාත්මක කර ඇති වැඩ සටහන් කවරේද යන්නත්, ඒ හරහා ආජීවිකාව කරගෙන යනු ලබන සෘජු සහ වක්‍රාකාර වෘත්තිකයන් ප්‍රමාණය කවරේද යන්නත් සැලකිල්ල යොමු කළ යුතු දෙයකි.

එසේම කාන්තා හා පිරිමි ලෙස එම ක්‍රීඩාවලට අදාළව කණ්ඩායම් පවත්වාගෙන යන්නේද යන්නත්, විවිධ වයස් වයස් කාණ්ඩ අතරේ ක්‍රියාත්මක ක්‍රීඩා සමාජ ජාතික තරගාවලි සඳහා එම ක්‍රීඩා සමාජය ලබා දෙන දායකත්වය කවරේද යන්නත් මෙහිදී අවධානය යොමු කළ යුතු කාරණා ලෙසට ගත් හැකිය. එසේම එම ක්‍රීඩා සමාජ සතු ක්‍රීඩා කරන භූමි වල ප්‍රමිතිය සහ සංවර්ධනය ගැනත් මෙහිදී අවධානයට ගැනීම කළ යුතුය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහේස්ත්‍රාත් තිලින ගමගේ සේවයෙන් ඉවතට ?

මොරටුව දිසා විනිසුරු / මහේස්ත්‍රාත් වශයෙන් කටයුතු කළ තිලින...

කතරගම දේවාලයේ අක්කර 550 ඉඩමකට කෝටි 2ක බදු පොල්ලකුත් තියා දැදිගමලා ගත් අතුරු තහනම ඉවතට !

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයෙන් බදු පදනම මත දැදිගම...

Fun Friday: ජේම්ස් බොන්ඩ් කතා මාලාවේ ඊළඟ පරිච්ඡේදය ගැන ඉඟියක්!

සෑම සිකුරාදා දිනකම “Fun Friday” තුළින් ඔබට Entertainment සතියක...

මහින්දට ගහන්න ගහන්න වෙන්නේ ආණ්ඩුව පචවෙන එක විතරයි – නීතිඥ මනෝජ් ගමගේ

කොළඹ LNW: මහින්ද රාජපක්ෂට ගහන්න ගහන්න සිද්ධ වෙන්නේ ආණ්ඩුව...