CIDය කොළඹ ජාතික රෝහලේදී රනිල්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරයි

Date:

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ජාතික රෝහලේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රතිකාර කළ සහ වෛද්‍ය සහතික නිකුත් කළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔවුන් අදාළ වෛද්‍යවරුන් පස්දෙනාගෙන්ම මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ජනාධිපති ධුරයෙහි සිටියදී 2023 වසරේදී නිරත වූ ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කරන ලද බවට චෝදනා කරමින් 2022 අගෝස්තු 22 වනදා රනිල් වික්‍රමසිංහ මහතාව අත් අඩංගුවට ගැනුණු අතර ඔහුව එදිනම රාත්‍රියේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. එහිදී ඔහුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු අතර පසුදින ඔහුව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය ඇතුළත් කරන ලදී. දින කිහිපයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත නිදහස් වූයේ ඔහුගේ රෝගී තත්වයන් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වුණු කරුණු ද සලකා බැලීමෙන් අනතුරුව ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...

විපක්ෂ නායක සජිත්ගේ උපන්දිනය අද. සජබ – එජාප සමගියට නව බලාපොරොත්තුවක් ?

සමගි ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...