අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත් සිදු නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

අගමැති ධුරයේ හෝ අධ්‍යාපන ඇමැති ධුරයේ වෙනසක් කිරීමට කිසිදු පදනමක් නැති බවත් ඇය එකී ධුරයන් හි කටයුතු කිරීමේදී කිසිදු වරදක් සිදු කර නොමැති බවත් ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කෙරෙන බවත් එකී පරීක්ෂණ අනුව වරද සිදුව ඇත්තේ කොහේද යන්න අනාවරණය වනු ඇති බවත් පැවසූ හෙතෙම අගමැතිනිය ඉවත් කරනු ඇතැයි කියමින් විපක්ෂය දකින්නේ දවල් හීන බව ද ප්‍රකාශ කළේය.

එමෙන්ම ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවේ අගමැති හරිනි අමරසූරිය මෙනවිය ඉලක්ක කර පහර දෙන්නේ ඇය විපක්ෂයට අභියෝගයක් නිසා බවයි.

ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ අගමැති හා අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය එකී ධුරයෙන් ඉවත් කිරීමේ හෝ අස්වීමේ සූදානමක් ඇතැයි පැතිරෙන ප්‍රචාරයන්හි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව සතිඅන්ත පුවත්පතක් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමිට වහාම ජනාධිපති සමාව පිරිනමා අර්බුදය අවසන් කළයුතුයි – එජාපයෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී...

වන අලින්ගේ සුබසාධනය වෙනුවෙන් ඩඩ්ලි සිරිසේනගෙන් රුපියල් මිලියන 100ක ධන පරිත්‍යාගයක්

කාවන්තිස්ස මහ ඇතුගේ මරණය හරහා ඉගෙනගත් පාඩම යළිත් වෙනෙකෙකුට...

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...