සමගි ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ 59 වැනි උපන්දිනය අදට (ජනවාරි 12) යෙදී තිබේ.
ඒ වෙනුවෙන් කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී අද දහවල් දානමය පිංකමක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
එම අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද බොහෝදුරට සහභාගී වීමට නියමිත බව සමීප ආරංචිමාර්ග පවසන අතර එය සජබ – එජාප එකමුතුවට ද නව බලාපොරොත්තුවක් එක්කරනු ඇති බවයි දේශපාලන විචාරකයින් සඳහන් කරන්නේ.


