කමේනිට මරණය: ඇමරිකාව හා ඊශ්‍රායලය මැදිහත්වුවහොත් ඉරානය යුද්ධයකට සුදානම්

සටහන: සශිකලා මධුෂාණි

ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ දින ගණනක් පැවති මාරාන්තික විරෝධතාවලින් අනතුරුව ඇමරිකා එක්සත් ජනපදය හා ඊශ්‍රායලය මැදිහත් වන්නේ නම් යුද්ධයකට යාමට ඉරානය සුදානම් බව එරට විදේශ අමාත්‍යවරයා නිවේදනය කර තිබේ.

ඉරානයේ මුදල් ඒකකය අවප්‍රමාණ වීමත් එරට ක්‍රියාත්මක වන දිව්‍යාණ්ඩු පාලනයට අභියෝග කරමින් රට පුරා පැවති විරෝධතා හේතුවෙන් මේ වන විට මියගිය සංඛ්‍යාව 500 ඉක්මවන අතර සිය සමාජ මාධ්‍ය හරහා එක්සත් ජනපද ජනාධිපතිවරයා සිය සහයෝගය පළකර කරමින් “ඉරානය නිදහස දෙස බලන බවත්, සමහර විට කවදාවත් නොවූ විරූ ලෙස. ඇමරිකා එක්සත් ජනපදය උදව් කිරීමට සූදානම්!!!”බවත් ප්‍රකාශ කර තිබු අතර නිර්නාමික එක්සත් ජනපද නිලධාරීන් උපුටා දක්වමින් නිව්යෝර්ක් ටයිම්ස් සහ වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තා වන්ට අනුව එකසත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට පහර දීම හා කමේනිගේ ඝාතනය සඳහා හමුදා විකල්ප ලබා දී ඇති නමුත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

රාජ්‍ය විරෝධී විරෝධතාවලට මාරාන්තික මර්දනයක් මධ්‍යයේ ඉරානයට මැදිහත් වීමට එක්සත් ජනපදය “ඉතා ශක්තිමත් විකල්ප” සලකා බලමින් සිටින බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(11)දිනයේදී ප්‍රකාශ කර තිබු අතර මේ සම්බන්ධයෙන් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ප්‍රකාශ කර තිබුණේ, ටෙහෙරානය පූර්ව මිලිටරි ක්‍රියාමාර්ගයක් සැලසුම් නොකරන බවත්, ප්‍රහාරයක් එල්ල වුවහොත් යුද්ධයට සම්පූර්ණයෙන්ම සූදානම් බවත්ය.

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අණ පරිදි බලධාරීන් වේගයෙන් වර්ධනය වන විරෝධතා ව්‍යාපාරයක් හමුවේ පසුබට නොවන බවට ප්‍රතිඥා දී ඇති අතර විරෝධතාකරුවන් ‘විනාශකාරීන්’ සහ ‘කඩාකප්පල්කාරීන්’ ලෙස හඳුන්වා විරෝධතා ඇති අතර ඔවුන්ට මරණ දඬුවම හෝ අත් පා කපා දැමීම සිදු කරන බවත් නීති රීති දැඩි කරන බවටත් නිවේදනය කර ඇත.

මේ අතර ඉරානය පුරා අන්තර්ජාල විසන්ධි කිරීමක් දිගටම පවතින අතර, මේ වන විට රට තුළ සිදුවන දේ පිළිබඳ නිවැරදි චිත්‍රයක් ලබා ගැනීම දුෂ්කර කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...