*
Wednesday, April 17, 2024
spot_img

Latest Posts

ISM APAC සහ Sana Commerce එක්වෙයි

2022 ජනවාරි 07

ප්‍රමුඛ පෙළේ e-commerce සේවා සම්පාදකයෙකු වන ISM APAC සමාගම, පසුගියදා නෙදර්ලන්තයේ Sana Commerce Global ආයතනය සමඟ නව ව්‍යාපාර සහයෝගීතාවකට එළඹුණි. වසර 7කට අධික කාලයක් ආසියානු පැසිෆික් කලාපය මූලික කරගනිමින් Sana Commerce Global හි මූලස්ථානය වෙනුවෙන් ප්‍රධාන සංවර්ධන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කළ ISM APAC ආයතනය, නව සහයෝගීතාව සමඟ Sana Commerce Sri Lanka නමින් සිය ව්‍යාපාර මෙහෙයුම් ආරම්භ කර තිබේ. 

දැනට සමාගම සතු සේවක සංඛ්‍යාව 180කට අධික ය. නව ව්‍යාපාර සහයෝගීතාව සමඟ සමාගම පිරිනමන සේවා වපසරිය වර්ධනය වීමත් සමඟ මෙම සේවක පිරිස ද තවදුරටත් ශක්තිමත්ව වර්ධනය වීමට නියමිත ය. එමෙන්ම, සමාගමේ සේවකයින්ට ගෝලීය අත්දැකීම් ලබාගැනීමේ හැකියාව ද මේ සමඟ හිමි වේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පරිසරයෙන් ඔබ්බට ගොස් Sana Commerce  මගින් පිරිනමන පුළුල් දැනුම, ඉගෙනුම් සහ පුහුණු අවස්ථා සමඟ වටිනා අත්දැකීම් සම්භාරයක් ඔවුන්ට හිමිවනු නිසැක ය. 

Sana Commerce යනු නිෂ්පාදන සමාගම්, බෙදාහැරීම් සහ තොග වෙළෙඳ සමාගම්වලට පාරිභෝගිකයින් සමඟ සම්බන්ධ වෙමින් දිගු කාලීන සබඳතා ගොඩනඟා ගැනීමට අවස්ථාව සලසන e-commerce අවකාශයකි. මෙහි විශේෂත්වය වන්නේ හුදෙක් ගනුදෙනුවලින් ඔබ්බට ගිය සබඳතා නිර්මාණය කරගැනීමට ඉඩප්‍රස්ථා උදා කරදීම ය. මෙම සුවිශේෂීත්වය හේතුවෙන්ම  Forrester මගින් Strong Performer සහතිකය මෙන්ම ජර්මනියේ පැවැති 2021 e-commerce සම්මාන උළෙලේදී Best E-shop වැඩමුළුව අංශයේ ජයග්‍රාහකයා වීමට ද, G2 හිදී මධ්‍ය වෙළෙඳපොළ කාණ්ඩයේ ප්‍රමුඛස්ථානය දිනාගැනීමට ද Sana Commerce සමත්විය. 

”ශ්‍රී ලංකාවේ පිහිටි අපගේ සංවර්ධන මධ්‍යස්ථානය තුළ ඉතාම දක්ෂ වෘත්තිකයින් පිරිසක් සේවය කරනවා. විවිධ ව්‍යාපෘති රැසක් භාරගෙන ඉතාම සාර්ථකව ඒවා මෙහෙයවමින්, සෑම අවස්ථාවක ව්‍යාපෘතිවල අපේක්ෂිත මට්ටමට ළඟාකරගන්නා මෙම වෘත්තීකයින් කණ්ඩායම, අපගේ සාර්ථකත්වය සහ නවෝත්පාදනයේ ගාමක බලවේගය බවටත් පත්ව තිබෙනවා. එම නිසා වේගයෙන් ඉදිරියට යමින් වර්ධනීය අවස්ථා අත්පත් කරගැනීමට අපට පුළුවන්”, යනුවෙන් Sana Commerce ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර සහකරු Michiel Schipperus මහතා පැවසුවේය. 

Great Place to Work Sri Lanka ආයතනය මගින් 2017, 2020 සහ 2021 වර්ෂවලදී ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ තොරතුරු තාක්ෂණ සේවා ස්ථාන අතරින් සේවය සඳහා සුදුසුම ස්ථානයක් ලෙස ද Sana Commerce Sri Lanka නම් කර තිබේ. අභ්‍යන්තර සහ බාහිර සංවාද, නිර්මාණ සහ දැනුම් හුවමාරු වැඩසටහන්, විශ්ව විද්‍යාල ආරාධිත දේශන මෙන්ම කාන්තාවන් සඳහා වෙන්වූ ශ්‍රී ලංකාවේ එකම හැකතන් තරගය වන She Coderess වැනි ඉසව්වලට අනුග්‍රාහකත්වය දක්වමින් ආයතනික පරිසරය තුළ සේවකයින්ගේ වර්ධනය වෙනුවෙන් ඉහළ දිරිගැන්වීමක්  ලබාදීම ද Sana Commerce Sri Lanka හි විශේෂත්වයකි. 

”අපි මුලදී Sana Commerce හි ප්‍රධාන සංවර්ධන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කළ අතර, මෙම නව සහයෝගීතාව තුළින් ලොව ඕනෑම ස්ථානයක් වෙත අපගේ සේවා පිරිනැමීමට අවස්ථාව උදා වී තිබෙනවා”, යනුවෙන් Sana Commerce Sri Lanka කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත බෙත්මගේ මහතා ප්‍රකාශ කළේය. 

Sana Commerce Sri Lanka සමාගම සමාජ සත්කාර වැඩසටහන් සඳහා ද ඉහළ අවධානයක් යොමුකරන සමාගමකි. විශේෂයෙන්ම, සමාගමේ ආයතනික සමාජ සත්කාර කමිටුවේ මූලිකත්වයෙන් විවිධ සමාජ සත්කාර ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන ඇති අතර, ගුණාත්මක අධ්‍යාපනයක් ලබාගැනීමේදී විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙන අවවරප්‍රසාදිත දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක ‘සිප්සතරට අරුණැල්ලක්‘ ව්‍යාපෘතිය ඒ අතරින් ප්‍රධාන වේ.

නව සහයෝගීතාවත් සමඟ, මෙතෙක් ශ්‍රී ලංකාවේ සේවා අත්දැකීම්වලට සීමා වී සිටි සිය කාර්යමණ්ඩලයට ගෝලීය අත්දැකීම් ලබාදෙමින් ඔවුන් තවදුරටත් බලගැන්වීම, Sana Commerce Sri Lanka සමාගමේ අපේක්ෂාවයි. 

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan